Friday, August 4, 2017

කෙල්ල ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවා ද?



සංකීර්ණ සම්බන්ධතාවයක ද ඉන්නෙ? එහෙනම් මේ ටික කියවලාම ඉන්න. විශේෂයෙන්ම මේක අපේ පිරිමි පාර්ශ්වය සඳහාම වෙන්වුණු ලිපියක්.

හැම කෙල්ලෙක්ම ආදර සම්බන්ධතා වලදී සෑහෙන දුරට සංකීර්ණ වෙන වෙලාවල් තියෙනවා. ඇයත් එක්ක ඉන්න හැම අවස්ථාවකදීම ඔයා බොහෝ දුරට සැලකිලිමත් වෙන්න ඕනමයි. සැලකිලිමත් කොල්ලෙක් දන්නවා කතාකරන්න ඕන කොයි වෙලාවකදී ද, ඇයට ඇහුම්කන් දෙන්න ඕන කොයි වෙලාවකද, ඇයට එපැයි කියලා කියන්න ඕන මොන වෙලාවකටද, සහ ඇයටත් තැනක් ලබා දෙන්න ඕන මොන වෙලාවකදී ද කියන එක. මෙතනදි ඇය ඔයාව විශ්වාස කරන සහ අගය කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. බොහෝමයක් වෙලාවට ඇය හදවත සහ චරිතය සමඟ ඇති වන සම්බන්ධකම් වලදි බොහොම සංවේදී වෙනවා. නමුත් හැම කොල්ලෙක්ම එහෙම නෙවෙයි. ඔයා බොහෝ විට ඇයට උවමනා දේවල්ම පමණක් ලබා දෙයි, ඒවගේම නිවැරදි දේ කියන්න සහ නිවැරදි දේ කරන්න උත්සහා කරයි. නමුත් මේ හැමදේකටමත් වඩා ඇය බලාපොරොත්තු වෙන්නෙ විශ්වාසය සහ ආරක්ෂාව, ඔයත් එක්ක හදවතින් එකතුවෙන්න. ඉතින් පිරිමි කෙනෙක් විදිහට ඔයා කොහොමද මේ හැම දේවල් එක්කම ගණුදෙනු කරන්නෙ කොහොමද කියලයි අපි මෙතනින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.



01. ඇය කැමතියි ඇයගේ සුන්දරත්වය ඔයා අගය කරනවා නම්

හැම කෙල්ලෙක්ම පාහේ කැමතියි ඇය ලස්සනයි ද නැද්ද කියන ප්‍රශ්ණයට ඇයගේ කොල්ලා දක්වන පිළිතුර මොකද්ද කියලා දැනගන්න. ඒත් අවාසනාවක් විදිහට සමහරක් කොල්ලන්ට තේරෙන්නෙ නෑ මේ ප්‍රශ්ණයේ තියෙන ගැඹුරු බව. ඔවුන් දකින්නෙ ඇයගේ ලස්සන ලිංගික ක්‍රියාකාරකම් වලට සීමා කරමින් පමණයි. නමුත් කෙල්ල හිතන් වද වෙනවා: "මම මේ සම්බන්ධතාවය පවත්වගන්න සුදුසුයි ද?",  "එයාගෙ හිත දිනාගන්න සුදුසුයි ද?" කියන ප්‍රශ්ණ සිතමින්. එහෙනම් ඇයගේ වටිනාකම සහ ඔයාට ඇයගේ ඇති වැදගත්කම පෙන්නන්නෙ කොහොම ද?


  • එයාව අගයන්න මැලි වෙන්න එපා. එයා ඕනම ඇඳුමක් ඇඳගෙන හිටියත් අගය කරන්න. හැබැයි පරෙස්සම් වෙන්න: හැම අගය කිරීමක්ම ලිංගිකත්වය තුලින් බැහැර විය යුතුයි.
  • හොඳ මහත්මයෙක් වෙන්න. ඇයගේ දක්ෂතාවයන් හොයාගෙන එවා දිරිගන්වන්න උදව් කරන්න. පෞද්ගලිකව වගේම පොදු තැන් වලත් ඇයගේ අගය කිරීම කතා කරන්න.

02. ආදරය වෙලාකට විතරක් පෙන්නන්න

ඔයා ඇයට ගොඩක්ම ආදරෙයි. පොඩි පොඩි අතගෑම්, සිපගැනීම්, බදාගැනීම් වෙලාවකට පොදු තැන්වලදි පවා කරන සමහරක් දේවල් වලින් තමයි ඔයා ඒ ආදරය ඇයට පෙන්නන්නේ නේද? නමුත් මෙන්න මේ දේවල් ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න:

  • ඕනවාට වඩා ඒ දේවල් කරන්න යන්න එපා. ඇයව ඒ දේවල් වලින් අපහසුතාවකයට පත්වෙනවා නම් ඇය ඔයාට සංඥා මඟින් ඒවා පෙන්නලා දෙයි. ඒක හොඳ අවස්ථාවක් නෙවෙයි නම් කවදාවත් ඇයව සිපගන්න යන්න හදන්න එපා.
  • සාමාන්‍යය ස්පර්ශයක් ඕනම වෙලාවකදි පිළිගන්න පුළුවන්. ඔයා ඇයව දකින්නෙ දින ගණනකට පස්සෙ වගෙයි නම්, "මට ඔයාව හුඟක් මතක් වුණා." කියලා කියන ගමන් ඇයගේ ඉන වටේට අත යවලා බදාගත්තට කමක් නෑ.
  • පොදු තැන් වලදි ඔයාල දෙන්නගෙ සම්බන්ධතාවය හුඟක් වෙනස්. මුලින්ම පොඩ්ඩක් දුරින් ඉන්න බලන්න. මොකද, ගොඩක් කෙල්ලෝ පොදු තැන්වලදි අත්අල්ලන් යන්නවත් කැමති නෑ.

03. ඇයව හොඳින්ම විශ්වාස කරන්න

විශ්වාසය කියන්නෙ ඔයාලා දෙන්නගෙ සම්බන්ධකමේ පදනම වෙන්නෙ. විශ්වාසය මඟින් තමයි ඇයගෙ උවමනා එපාකම් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නෙ. 
  • ඔයාට ඇයගේ විශ්වාසය දිනාගන්න පුළුන් වෙන්නෙ ඔයා දන්න, නමුත් ගොඩක් මිනිස්සු ඔයා ගැන නොදන්න පෞද්ගලික දේවල් එයත් එක්ක කතාබහ කිරීමෙන්.
  • ඇයත් ඔයාට ඇයගෙ පෞද්ගලික දේවල් අනිවාර්යයයෙන්ම කියයි. ඒ කියන දේවල් ඉතාමත් වැදගත්කමින් ඇහුම්කන් දෙන්න. ඇයට එකඟ වෙන්න‍. ඇයගේ විශ්වාසය දිනා ගැනීමට මෙය ගොඩක් උපකාරී වෙයි.


04. විශේෂ අවස්ථාවන් වලදී සහ සාමාන්‍යය අවස්ථාවන් වලදී තෑගි අරන් දෙන්න


ඕනම සම්බන්ධකමකදි තෑගි බෝග කියන්නෙ ප්‍රධාන දෙයක්. ඒවා කොච්චර වටිනාකමින් වැඩි වුණත් නැතත්, සම්බන්ධකම ඉදිරියට පවත්වාගෙන යන්නත් වෙලාවකදී මේක හේතුවක් වෙනවා. 
  • ඇයගේ උපන්දිනය, වැලන්ටයින් දිනය, සංවාත්සර දිනයට වගේ විශේෂ අවස්ථාවන් වලදී ඇය කැමතිම දේ දෙන්න. තෑග්ග කොච්චර වියදම් අධික වුණත් වැඩක් නෑ. ඇයගේ කැමැත්තයි වැදගත්. 
  • තෑග්ග ගැන බලද්දි, ඒ තෑග්ගෙ ඇයගෙ නම සටහන් කරන්න එහෙමත් නැත්තම් ඇයගෙ මොකක්හරි විශේෂ දෙයක් සඳහන් වෙන පෙන්ඩන්ට් එකක් දෙන්න අමතක කරන්න එපා.
  • දෙන්නා එකට ගමන් යද්දි සමහරක් වෙලාවට ඇය තමන්ට ආසා දේවල් කියන්න පුළුවන්. විශේෂයෙන්ම කඩවල් ළඟින් යනකොට මෙන්න මේ දේට කැමතියි කියලා කියන්න පුළුවන්. අන්න ඒ කියන දේවල් ගැන අවධානයෙන් ඉන්න.

0 comments :

Post a Comment