Monday, August 14, 2017

තමන්ගෙ පිරිමි ළමයා සතුටු කරන්න ඕන කොහොම ද? - කරුණු 12ක් ඔස්සේ කතා කරමු.


පිරිමින් අඟහරු වලින් වගේම ගැහැණුන් සිකුරු වලින් පැමිණෙනවා කියලා අපි කතාවටත් කියනවා. ඉතින් ඒ කතාවෙන් අපිට තේරුම් යන්නෙ මේ පාර්ශ්වයන් දෙකේ ආශාවල්, උවමනාකම් සහ හැසිරීම වගේ දේවල් ගත්තාම එකිනෙකට බොහොම වෙනස්. නමුත් පිරිමියෙකු සහ ගැහැණියක සම්බනධකමක් පවත්වනකොට මේ හැම දෙයක් ගැනම දැනගැනීම නුවනට හුරුයි. මොකද, දෙන්නාගේ සම්බන්ධකමේ ඉදිරි ගමන බොහෝවිට ඒ අවබෝධය මත පදනම් වෙන්න පුළුවන් නිසා.

ගැහැණියක් සතුටු කරන්න පිරිමින් දැනගන්න ඕන මොනවද කියලා අපි පසු ලිපියක සඳහන් කළා. නමුත් අපි අද මේ ලිපියේදී කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පිරිමියකු සතුටු කිරීම සඳහා ගැහැණු පාර්ශ්වයට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා කතා කරන එකයි.

පිරිමියකුගෙ ආකර්ශණය දිනා ගන්න එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. පිරිමියා බොහොම සරල වුණත් එයාගෙ සිතුම් පැතුම් ඉතාමත්ම සංකීර්ණයි. ඉතින් ඒ දේවල් පිළිබඳව පොඩි අවබෝධයක් ලබා ගන්න ගැහැණියකට හැකියාව ලැබුණොත් ඔහු ඉතාමත්ම වාසනාවන්තයෙක් වේවි නේද? අපි ඔයාලට පෙන්නලා දෙන්නම් ගැහැණු කෙනෙක් විදිහට ඔයාගෙ පිරිමි ළමයා ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් මොනවද කියලා.


1. ඔයා එයාව බදාගන්නවට හරි ආසයි

ගැහැණියක් එයාගෙ ජීවිතේට සෑහෙන්න ලං වෙලා ඉන්නවා නම් ආය ඒකෙ කියන්න දෙයක් නෑ. ඒ තරමට ඒක එයාට ලොකු දෙයක්. ඔයා එයාගෙ පපුවට එහෙමත් නැත්තම් උරහිසට ඔළුව තියාගෙන එයාට තුරුලු වෙලා ඉන්නවා නම් ඔයාට වගේම එයාටත් සෑහෙන ආරක්ෂාව දැනේවි.

2. එයා ඔයාව සිපගත්තට පස්සෙ ඔයාගෙ හිනාව බලන්න හරි ආසයි

එයා ඔයාව සිපගත්තට පස්සෙ ඔයා ප්‍රතිචාරයක් විදිහට ලස්සන හිනාවක් පෙන්නනවා ද? එයා ඔයාගෙ ඒ හිනාව බලන්න හුඟක් ආසා කරාවි.

3. ඔයා එයා දිහා බලාගෙනම ඉන්නවා ද?

පිරිමින් හුඟක් ආස කරන දෙයක් තමයි තමන්ව ඕනෑ කියලා ගැහැණු ළමයෙක් හිතන හැඟීමට. ඔයාලා දෙන්නා සමහර විට පාරෙතොටේ හෝ බස් එකක හෝ දෙතැනක ඉඳගෙන ඔයා එයා දිහා ආදරයෙන් බලනවා එයා දැක්කොත්, එයාට ඒ තරම් ලොකු හැඟීමක් දැනෙන්නෙ නැති තරම්.

4. එයාව අනුකරණය කරනවට එයා හරි ආසයි

එයා කරන කරන දේවල් අනුකරණය කරන එයට එයා හුඟක් කැමතියි. උදාහරණයක් විදිහට එයා එයාගෙ කොණ්ඩෙ අල්ලනවා කියලා හිතන්න. ඔයාටත් පුළුවන් ටික වෙලාවකට පස්සෙ එයා කරපු විදිහටම ඔයාගෙ කොණ්ඩෙ අල්ලන්න. හැබැයි ඕනවාට වැඩිය කරන්න යන්න එපා; මොකද ඒක නිකං විකාර දෙයක් වේවි.

5. ඔයාගෙ අවංකභාවයට එයා හරි කැමතියි

බොහෝ සංගණන මගින් පිළිගත්ත දෙයක් තමයි, ඔයා එයාට හුඟක් අවංක වෙනවා නම් ඔයාලා දෙන්නාගේ සම්බන්ධකම සෑහෙන දුරකට පවත්වාගන්න ලොකු ශක්තියක් වෙනවා කියන එක. ඉතිං අවංක වීම කියන්නෙ ඔයා කළ යුතුම දෙයක්.

6. එයා කරන විහිළු වලටත් හිනා වෙන්න

එයා කරන විහිළු වලට ඔයා නිර්ව්‍යාජීව හිනා වෙනවා නම්, ඒක එයාට ලොකු සතුටක්.

7. එයාගෙ කොණ්ඩෙන් අල්ලනවා ද?

ඔයාලා දෙන්නා ගමක් එහෙම යනකොට හෝ දෙන්නා චිත්‍රපටියක් වගේ බලනකොට ඔයා එයාගෙ කොණ්ඩෙ අල්ලනව ද? එහෙම කරනවා නම් එයා ඒකට තව තවත් ආසා කරාවි.

8. එයාව අනුකරණය කරනවට එයා හරි ආසයි

එයා ඔයාගෙන් දුරස් වුණ වෙලාවක නිකමට හරි කෝල් කරලා, මැසේජ් කරලා එයාව නැති අඩුව ගැන හැමවෙලේම කියන්න. මොකද, පිරිමින් හුඟක් කැමතියි තමන්ගෙ ගෑණු ළමයි තමන් ගැන හොයලා බලනවාට.

9. හැම වෙලේම එයත් එක්ක ඉන්නකොට කරන්න ඕන දේවල් මෙන්න

එයත් එක්ක නිතරම වගේ හුඟ වෙලාවක් ඉන්නකොට එකපාරටම බදාගන්නවාට, එකපාරටම එයාගෙ කම්මුල සිපගන්නවාට, ඔයාලා දෙන්න යම් තැනක ඉඳගෙන ඉන්න වෙලාවක එයාගෙ දණිස්සට හාදුවක් දෙන එකට, එයත් එක්ක ඇවිදින කොට එයාගෙ අත් දෙක අල්ලලා හොරෙන් හාදුවක් දෙන එකට එයා හුඟක් කැමතියි. මේවා කළොත්, එයා ඔයාට පිස්සු වැටෙනවා නොඅනුමානයි.

10. හැමතිස්සෙම එයාව අගය කරන්න බලන්න

තමන්ගෙ ගෑණු ළමයා තමන්ව අගය කරනවාට කැමති නැත්තෙ මොන පිරිමි ළමයාද? ඉතින්, හැම තිස්සෙම එයාව අගය කරන්න බලන්න.

11. එයාගෙ අවවාද අරගන්න අමතක කරන්න එපා

ඔයා හැමලෛ්ම එයාට ගරු කරනවා නම්, ඔයා ඕනම දෙයක් කරන්න පටන්ගනිද්දි එයාගෙන් ඒ දේ ගැන අහලා දැනගන්න. ඔයා එයාව හොඳින්ම විශ්වාස කරනවා කියලා එයාට දැනෙන්න ගනීවි.

12. එයාව අනුකරණය කරනවට එයා හරි ආසයි

එයා කරන කරන දේවල් අනුකරණය කරන එයට එයා හුඟක් කැමතියි. උදාහරණයක් විදිහට එයා එයාගෙ කොණ්ඩෙ අල්ලනවා කියලා හිතන්න. ඔයාටත් පුළුවන් ටික වෙලාවකට පස්සෙ එයා කරපු විදිහටම ඔයාගෙ කොණ්ඩෙ අල්ලන්න. හැබැයි ඕනවාට වැඩිය කරන්න යන්න එපා; මොකද ඒක නිකං විකාර දෙයක් වේවි.





0 comments :

Post a Comment