Thursday, August 10, 2017

මෙතෙක් බිහිවූ සුපිරිතම කාන්තා සමලිංගික චිත්‍රපට 10 මෙන්න! - 18+



ලෝක සිනමාව නිරූපණය කරන ඉතා විශාල සහ ආන්දෝලනාත්මක මාතෘකාවක් පැත්තටයි අද හැරෙන්නෙ.  කෙලින්ම කිව්වොත් "ලිංගිකත්වය". සිනමාව තුළ සෑහෙන අරගලයක් කරන්නට සමත් වෙන, සමත් වුණු ප්‍රධාන කාරණයක්. ලංකාවට නම් හැබැයි පොඩ්ඩක් විතර ආගන්තුක වුණාට විදේශික රටවල් වල සිනමාවට ලැබෙන්නෙ නම් සුවිශාල තැනක්. ලිංගිකත්වය මතුපිටින් ප්‍රේක්ෂකයාට සමීප කරලා එහි යටි අර්ථයක් ඇති කරන්නට සමත්  වුණු චිත්‍රපට විශාල වශයෙන් අපි දැකලා තියෙනවා. අද කතා කරන්න යන්නෙ මාතෘකාවෙ තියෙන ඉතාමත්ම රසවත් කොටසක් ගැනයි. ඒ "සමලිංගිකත්සවය". සමාජයෙන් 'වෙනත් පැත්තක' යැයි සිටින බව අප විශ්වාස කරන අදාළ පාර්ෂවයන්ගේ චරිත කතා ගැඹුරින් ගෙනහැර දක්වන්නට සමත් වුණු සාර්ථක සිනමා නිර්මාණ කිහිපයක් පිළිබඳව කෙටි සටහනක්. විශේෂයෙන්, මෙම චිත්‍රපට සියල්ලක්ම සමලිංගික කාන්තාවන්ගේ චරිත නිරූපණය කරන්නට සමත් චිත්‍රපට වීම විශේෂයි.


01. Blue is the Warmest Color - 2013

සමලිංගිකත්වය පිළිබඳව ඉහළම ලකුණු ලබාදිය හැකි විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. චිත්‍රපටයේ තිබෙන ඇතැම් දර්ශන අතිශය තාත්වික කාමුක දර්ශණ වලින් සහිතයි. අනෙකාගෙන් වෙනස් ගුප්ත චරිතයක් වන ප්‍රංශ ජාතිකයකු නව යොවුන් වියැති ඇඩෙලා තම ජීවිතයට, තම පාසලේම පිරිමි ළමයෙකු සමීප කර ගන්නේ තම යහළුවන් ලබන ආදරය සොයා යාමේ අපේක්ෂාවෙන්. නමුත් ඔහු හා ප්‍රථම වරට ලිංගිකව එක්වීමෙන් පසු ඇඩෙලා බලාපොරොත්තු වන ආදරය එය නොවන බව ඇයට වැටහී යනවා. කාලයත් සමඟ ඇය තම පාසලේ සිටින තම ගැහැණු යහළුවන් සමඟ ආකර්ෂණය වන්නට පටන් ගන්නවා. නමුත් ඔවුන්ගේ ප්‍රතිචාරය මැය මානසික පිස්සියකු වන බවයි.


හදිසියේ ඇඩෙලා මාර්ගයක ගමන් ගන්නා අතර වාරයේ ඇයට දකින්නට ලැබෙනවා කොට නිල් පැහැති කොණ්ඩයක් හිමි මැදි වියේ තරුණියක්. ඇය ඇඩෙලා හා නෙතට නෙත ගැටෙන්නේ ඉතාමත් අහම්ඹයෙන්. අවසානයේදී අැඩෙලා ඇයව තම ජීවිතයට සමීප කරගන්නට සූදානම් වනවා. ඇයත් සමඟ දිවා රෑ නොමැතිව ලිංගිකව හැසිරීම ඇඩෙලාට ගෙන දුන්නේ වෙනස්ම අත්දැකීමක්. අවසානයේදී දෙදෙනා අතර ඇතිවන අසමඟිකම් නිසා ඇඩෙලා ජීවිතයේ ඉදිරි ජීවිතයට මුහුණ දීම තම ජීවිතයේ ලබන ලොකුම අභියෝගයක් ලෙස සලකනවා. මෙම සිනමාව ඇත්ත වශයෙන්ම නෙතඟට කඳුලක් නංවන, සංවේදනාත්මක විශිෂ්ඨ චිත්‍රපටයක් වන බට කිසිම සැකයක් නෑ!



02. Room in Rome - 2010


නතාෂා කියන්නෙ ඉතාමත් සුපරූපී රුසියානු තරුණියක්. ඇයගේ විවාහය අතළඟ තිබියදී නිවාඩුවක් සඳහා රෝමය වෙත පියනඟනවා. රෝමයේදී ඇයට අමුවන ඇබී නම් වූ තවත් සුරූපී තරුණියක් සමඟින් ඉතා මිත්‍රශීලී සම්බන්ධකමක් නතාෂා ඇතිකරගන්නට සමත් වනවා. රෝමයෙහි තිබෙන නතාෂාගේ කාමරය ඔවුන් දෙදෙනාගේ සම්බන්ධකම අසම්මතිකව දළුලන්නට තෝතැන්නක් වනවා. ලිංගික දර්ශණ ද ඉතාමත් තාත්විකයි. මෙම චිත්‍රපටයත් ඉතා සුවිශේෂී, විශිෂ්ඨ චිත්‍රපටයක්.


03. Loving Annabelle - 2006

ශිෂ්‍ය-ගුරු සම්බන්ධකම පරදා හැඟීම් වලට වහල් වුණු ගුරුවරියකගේ සහ ශිෂ්‍යාවකගේ ආදර සම්බන්ධයක් මත ගොඩනැඟුනු චිත්‍රපටයක්. ඇනබෙල් කියන්නෙ කතෝලික නේවාසික පාසලක ඉගෙන ගන්නා නව යොවුන් වියැති ගැහැණු ළමයෙක්. ඇයට උගන්වන ගුරුතුමිය (සයිමන්) කෙරෙහි ශිෂ්ඨ සම්බන්ධකමට වඩා අසම්මත ලෙන්ගතු කමක් බැඳගන්නා ඇනබෙල්,එක් රාත්‍රයකදී සයිමන්ගේ කාමරය තුළ දෙදෙනාගේ හැඟීම් හුවමාරු කර ගන්නවා.




04. Bloomington - 2010

සමාජයෙන් අසම්මත යැයි පිළිගන්නා තවත් ශිෂ්‍ය-ගුරු ආදර සම්බන්ධතාවයක් අලලා නිර්මාණය වුණු තවත් විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. යොවුන් වියේ ගැහැණු ළමයකු වන ජැකී, තම අධ්‍යාපනය සඳහා ඉන්දියානා හි බ්ලූමින්ටන් නඟරය වෙත පියනඟනවා. මෙහිදී කාන්තාවන් ඇසුරට වඩා කැමැති ගුරුවරියක් වන කැතරින් හමුවන්නේ අහම්ඹයකින්. දෙදෙනාගේ සමීපතාවය එන්න එන්න වැඩි වන අතරේ, ජැකී එය ජීවිතය කරගන්නවා. නමුත් සමාජයේ අසම්මත බැඳීමක් තුළ කිසිදු ඉඩක් නොලැබෙන බව දන්නා කැතරින් ගුරුතුමිය අවසානයේදී ජැකීගෙන් වෙන්වන්නට අදහස් කරනු ලබනවා. මෙම චිත්‍රපටයත්, නෙතඟට කඳුලක් එක්කාසු කරන සුපිරි නිර්මාණයක්.





05. Tomboy - 2011

Tomboy යන නමින්ම හැඟී යන පරිදි ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව ඉතාමත් සංකීර්ණ තත්වයකට මුහුණ පාන ළමයෙකු පිළිබඳව දිගහැරෙන කතාවක්. උපතින් ගැහැණු ළමයකු ලෙස පෙනී සිටින ඇය, කාළයත් සමඟ පිරිමි ළමයෙකු සේ තම ඇවතුම්-පැවතුම් වෙනස් කර ගන්නා අන්දම චිත්‍රපටයෙන් අපට සූක්ෂව පෙන්වා දෙනවා. ඇයට/ඔහුට අවුරුදු 10දී තම පවුල විසින් නව නඟරයකට මාරුවූ පසු, ජීවිතයේ වෙනස්වීම ආරම්භ කරන අැය/ඔහු එම ප්‍රදේශයේ ගැහැණු ළමුන් කෙරෙහි දැඩි ආකර්ෂණයක් ඇති කරගන්නට උත්සහ දරනු ලබනවා. ප්‍රංශයේදී නම් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා නිර්දේශ වී තිබෙන්නේ පවුලත් සමඟ එකට නැරඹිය හැකි චිත්‍රපටයක් ලෙසට. ප්‍රංශයේ පාසැල් කිහිපයකත් මෙම චිත්‍රපටය ප්‍රදර්ශණය කිරීම් සිදුකර ඇති බවට තොරතුරු තිබෙනවා.




06. The Four-Faced Liar - 2010

මෙම කතාව දිගහැරෙන්නේ පිරිමියකු සමඟ විවාහ වීමට යෝජිත තරුණියක්, තවත් තරුණියක් සමඟින් පවත්වනු ලබන ආදර සම්බන්ධකමක් පිළිබඳවයි.




07. Break My Fall - 2011


සුපිරි සිනමා නිර්මාණ ගණයට වැඩෙන බ්‍රිතාන්‍ය චිත්‍රපටයක්. සම්බන්ධකම ගොඩනැඟෙන්නේ තරුණියන් දෙදෙනෙකු සමඟ වුවත්, සාමාන්‍යය ආදර කතාවක් ලෙසින් හඳුන්වා දිය හැකියි. දෙදෙනාගේ ආදරය බිඳවැටීමත් සමඟින් දෙදෙනා ඉදිරි ජීවිතයට මුහුණ දෙන ආකාරය පිළිබඳව, දුක, සතුට, සංවේදනාව සමඟින් චිත්‍රපටය අපට නැරඹිය හැකියි.







  08. But I’m a Cheerleader - 1999

චුට්ටක් විතර පරණ, නමුත් මාතෘකාව සමඟින් ඉතාමත් ගැළපෙන සුපිරි සිනමා නිර්මාණයක්. නතාෂා කියන්නෙ අත්පොළොසන් දීමේ කණ්ඩායමක කෙනෙක් (Cheerleader). නතාශාගෙ පවුල ඇය සමලිංගික ගැහැණු ළමයි ආශ්‍රයට කැමති සමලිංගික කාන්තාවක් කියලා නිතරම දෝශාරෝපණය කරනවා. ඉතින් දෙමව්පියෝ ඒ වෙනස් සිතිවිලි නතාශාගෙන් ඉවත් කරන්නට ගන්න තීරණයක ප්‍රතිඵලයක් විදිහට තමයි නතාශාව True Directions පාසලට යවන්නට තීරණය කරන්නෙ. නමුත් එහිදී සිදුවෙන්නෙ ඊට හාත්පසින්ම බලාපොරොත්තු නොවුණු දෙයක්. ඇය අලුතින් ඇයගෙ පාසලේම ශිෂ්‍යාවක් සමඟින් ආදරයක් ගොඩනංවා ගන්නවා. ඒ අලුත් බැඳීම මඟින් ඇය මෙතෙක් නොවිඳි ආදරය ලබා ගන්නට උත්සහා කරනවා. තවත් වෙනස් තේමවක් එක්ක ගොඩනැංවුණු සුපිරි චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.






09. Water Lilies - 2008

අවුරුදු 15ක හිරිමල් යොවුන් වියේ පසුවන ගැහැණු ළමුන් තිදෙනෙකුගේ සඟවාගත නොහැකි ආදර හැඟීම් එකට එක හමුවන  නිර්මාණාත්මක සිනමා නිර්මාණයක්. මේරි, ෆ්ලොරීන් සහ ඈන් යන දෙදෙනාම එකම පාසලක එකම පිහිණුම් කණ්ඩායමක සිටින යහළුවන් තුන්දෙනෙක්. කණ්ඩායමේ අනෙක් යහළුවන් "ගණිකාවක්" ලෙසින් හඳුන්වන ෆ්ලෝරීන් සමඟ යහළුකමකට වඩා වැඩි හැඟීම් සමුදායක් මේරිගෙ හිතේ පැළ පදියන් වෙනවා. හැඟීම් සියල්ලක්ම දරාගෙන ෆ්ලෝරින් අසලට තවත් සමීප වෙන්න මේරි උත්සහා ගන්නවා.
නමුත් ෆ්ලෝරින් දෙසට සමීප වන මේරි පිළිබඳව ඈන් වන තෙවැනි යහළුවා සිත් අමනාපකමක් ඇති කරගනු ලබනවා.  මේරිගේ ආකර්ෂණය ෆ්ලොරීන් වෙත හෝ ඈන් වෙත හිමිවේ ද යන පැනයට පිළිතුර චිත්‍රපටය නරඹන ඔබට බාරයි!





10. Gia - 1998

1970-1980 කාළයේ ඇමරිකාණු නිරූපණ ඉතිහාසයේ සුපිරි තාරකාවක් බවට පත්ව සිටි ජියා කැරැන්ගිගේ සත්‍ය ජීවිතය පාදක කරගනිමින් නිර්මා‍ණය වුණු සිනමා නිර්මාණයක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන්නෙ සුපිරි නිළි ඇන්ජලීනා ජොලී විසින්. ඇමරිකාවේ සුපිරිම නිරූපිකාවක් බවට පත් වීම සඳහා ඇයට වාසනාව හිමිවන්නේ විල්හෙල්මිනා කූපර්ගේ නොමඳ සහාය අතැතිව.  ඇගේ අසමසම දක්ෂතාවයන් හේතුවෙන් නිරූපණ ක්ෂේත්‍රයේ හිනිපෙත්තටම ගමන් කිරීමට ඇයට හැකියාව ලැබෙනවා. නමුත් හදිසියේම කූපර්ගෙ අභාවය හේතුවෙන් ජියාගේ මුළු ජීවිතයම කඩා වැටෙන්නට එපමණ කළක් ගතවන්නෙ නැහැ. ඇය අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වනවා. ඇයගේ වේෂ නිරූපණ ශිල්පිනිය වන ලින්ඩා සමඟ ආදර සම්බන්ධතාවයක් පවත්වන්නේ මේ අවස්ථාවේදියි. මෙම චිත්‍රපටය ජීවිතයේ යථාර්තය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත හැකි සුපිරි චිත්‍රපටයක් වනවා නොඅනුමානයි!




0 comments :

Post a Comment