අවුරුදු 23 ක් විතර හොඳ ඉලන්ධාරි පහේ කොල්ලෙක් හිටියලු. මේ කොල්ල දවසක් ගමනක් යන ගමන් එක හෝටලයක නවතින්න හිතුවලු. ඉතින් කොල්ල මේ හෝටලයට ආපු ගමන් හෝටලේ මැනේජර් හම්බෙන්න ඕන කියනවා. ඔන්න මැනේජරුත් එතනට එනවා. ඔතනින් කතාව මෙහෙම පටන්ගන්නවා.
කොල්ලා : 39 වෙනි කාමරේ හිස් ද?
මැනේජර් : ඔව්, සර්.
කොල්ලා: මම ඒක ගන්නද?
මැනේජර්: මොකෝ බැරි?
කොල්ලා: බොහොම ස්තූතියි.
කොල්ලා 39 වෙනි කාමරයට යන්න ඉස්සරලා මැනේජර්ගෙන් කළුපාට පිහියකුයි, සෙන්ටිමිටර් 39ක් දිග සුදු නූලකුයි, දොඩම් ගෙඩි 39 කුයි ඉල්ලුවා.
මැනේජර්ට දැන් හෙන අවුල මේ මොකද කියලා. කොහොමහරි මැනේජර් ඒවා මේ කොල්ලට දුන්නා.
ඉතින් මේ කොල්ලා 39 වෙනි කාමරයට යනවා. ඒත්, පොර කිසිම කෑමක්වත් මොනවත් ඕඩර් කරන්නෙ නෑ. මේ හෝටලේ මැනේජර්ගෙ කාමරේ තියෙන්නෙ ඊට යාබදව. ඒ කියන්නෙ 40 වෙනි කාමරේ.
කොහොමහරි පාන්දර 12ට විතර මැනේජර්ට ඇහෙනවලු 39වෙනි කාමරෙන් එක එක සද්ද බද්ද. එක එක සත්තු බෙරිහන් දෙනවා. පිගන් එහෙම බිම පෙරලෙන සද්ද වගේ දේවල්. එදා මැනේජර්ට නින්ද ගිහිල්ලාම නෑ. මැනේජර් හිතුවෙම මේ යකා මොනවා කරනව ඇද්ද කියලාලු.
පහුවදා උදෙන්ම මැනේජර් 39 වෙනි කාමරේට ගිහිල්ලා බලනවා. ඒත් කිසිම විදිහක අමුත්තක් නෑ හැමදේම තිබුණු විදිහටම තියෙනවා. අර කොල්ලාට දීපු කළුපාට පිහියයි, සෙන්ටිමිටර් 39ක් දිග සුදු නූලයි, දොඩම් ගෙඩි 39යි ඒ විදිහටම මේසෙ උඩත් තියෙනවලු.
පස්සෙ මේ කොල්ලා හෝටලේ වැඩකරන සේවකයාට හොඳ ටිප් එකකුත් දීලා, හෝටලේ බිලත් ගෙවලා යන්න ගියාලු.
ඒත් මැනේජර්ට මේක තාම ලොකු ප්‍රශ්ණයක්.
ඔන්න තවත් අවුරුද්දකට පස්සෙදි අර කොල්ලා ආයෙත් මේ හෝටලේට එනවා. ඒ ඇවිල්ලා හෝටලේ මැනේජර්ව ආයෙත් අහනවා.
මැනේජර් කොල්ලා ළඟට ආවට පස්සෙ ආයෙත් සැරයක් කොල්ලා මැනේජර්ගෙන් ඉල්ලනවා කළුපාට පිහියකුයි, සෙන්ටිමිටර් 39ක් දිග සුදු නූලකුයි, දොඩම් ගෙඩි 39 කුයි. මැනේජර්ට හෙනම ප්‍රශ්ණෙ දැන්. ඒ කොහොම වුනත් මැනේජර් ඒ ටික මේ කොල්ලට ලැබෙන්න සලස්වනවා.
මෙදා සැරේ නම් මැනේජර් මේ සිද්ධිය ගැන දැනගන්න එදා රෑම ඇහැරගෙන ඉන්නවා. දැන් ඔන්න මධ්‍යම රාත්‍රියත් පහුවෙනවා. ටික වෙලාවකට පස්සෙ ඔන්න එදා වගේ ආයෙත් අර සත්තු කෑගහන සද්ද, පිඟන් බිම වැටෙන සද්ද මැනේජර්ට ඇහෙනවා. මැනේජර් පුදුම වෙලා ඉන්නෙ. මේක කොල්ලගෙන් අහන්නත් මොකද්ද වගේ.
කොහොම හරි පහුවදා උදෙන්ම කොල්ලා සල්ලි ගෙවලා හෝටලෙන් ගියාට පස්සෙ මැනේජර් ඒ කාමරයට ගිහිල්ලා බලනවා. කිසිම වෙනසක් නෑ. කාමරේ තිබුණු විදිහටම තියෙනවා.
දැන් නම් මැනේජර්ට මේකෙ ඇත්ත නැත්ත දැනගන්නම උවමනයි. කොල්ල ඊළඟ අවුරුද්දෙ මැයි මාසෙත් එයිනෙ කියලා බලාපොරොත්තුවෙන් මැනේජර් ඉවසිලිවන්තව බලාගෙන උන්නා.
ඔන්න ඊළඟ අවුරුද්දත් ආවා. බලාපොරොත්තු වුණු විදිහටම කොල්ලා ඒ දවසෙම ආවා. සුපුරුදු විදිහටම මැනේජර්ව අහලා, අර කලින් ඉල්ලපු දේවල්ම ඉල්ලගෙන 39 වෙනි කාමරේට ගියා.
එදා මධ්‍යම රාත්‍රිය පහුවුනාට පස්සෙත් කලින් වගේම සද්ධ බද්ද ඇහෙන්න පටන් ගත්තා. මැනේජර්ට දැන් මේකෙ ඇත්ත නැත්ත දැනගන්නම ඕන.
මැනේජර් පහුවදා උදෙන්ම ඒ කොල්ලා ළඟට ගිහිල්ලා මෙහෙම ඇහුවා;
මැනේජර්: මොනවද ඔයා හැම අවුරුද්දකම මේ විදිහට ඇවිල්ලා කාමරේ රෑ තිස්සෙ කරන්නෙ?
කොල්ලා: හරි ඔයාට ඒක මම කියන්නම්. හැබැයි මට පොරොන්දු වෙන්න ඒක කාටවත් කියන්නෙ නැහැයි කියලා.
මැනේජර්: මම පොරොන්දු වෙනවා. කාටවත් කියන්නෙ නෑ.
අවාසනාවන්ත කමක මහත කියන්නෙ මැනේජර් කියන දේ කරන මිනිහෙක්. ඒ හින්දා ඒ රහස බොස් හැර වෙන කවුරුවත් දන්නෙ නෑ! :D
Catogories
18+
actress
advices
android
android apps
bitcoin
boys and girls
chat
child abuse
cricket
funny
funny story
girls
gossip
guide
health tips
how to
Indian
inside movie
internet
Internet Money
leaked photos
modelers
movie
movie review
movies
new
news
photos
pics
prank video
relationship advice
sex
sri lanka
technology
tele
unbelievable
video
wedding
Followers
ජනප්‍රියතම ලිපි
-
අපි බලන හුඟක් චිත්‍රපටි වල ඇත්තටම ලිංගික දර්ශණ ව්‍යාජ විදිහටයි තියෙන්නෙ. සමහර විට ඒ චිත්‍රපට වල රඟපාන නළු නිළියන් ලිංගික දර්ශණ වලදී ම...
-
ජීවිතේ හැම වෙලාවකම මිෂනරි ඉරියව්ව, ඩොගී ස්ටයිල් ඉරියව්ව කරලා දැනටමත් ඇතිවෙලා ද? එහෙනම් කමක් නෑ! ඔයාගේ ලිංගික ජීවිතයට පොඩි වෙනස්කමක් දෙන...
-
ගැහැණු ළමයෙකුගෙ හිනාව, එයාගෙ ලස්සන ඇස් දෙකට පස්සෙ කොල්ලෙක් ආකර්ෂණය වෙන්න පුළුවන් ප්‍රධානතම තැන තමයි එයාගෙ පියයුරු කියන්නෙ. ඔව්, ඒකෙ ආය ...
-
ලෝක සිනමාව නිරූපණය කරන ඉතා විශාල සහ ආන්දෝලනාත්මක මාතෘකාවක් පැත්තටයි අද හැරෙන්නෙ. කෙලින්ම කිව්වොත් " ලිංගිකත්වය ". සිනමාව තු...
-
පිරිමින් අඟහරු වලින් වගේම ගැහැණුන් සිකුරු වලින් පැමිණෙනවා කියලා අපි කතාවටත් කියනවා. ඉතින් ඒ කතාවෙන් අපිට තේරුම් යන්නෙ මේ පාර්ශ්වයන් දෙ...
0 comments :
Post a Comment