
යොවුන් වියට පත්වූ තරුණ තරු‚යන් අතර ඇතිවන ලිංගික ආශාවන් හමුවේ ඉතා රහසිගතව යෙදෙන ලිංගික ක‍්‍රියාවක් ලෙස ස්‌වයං වින්දනය හැඳින්වීම වරදක් නැතැයි කියා සිතේ. සමීක්‍ෂණ වාර්තාවලට අනුව පිරිමින්ගෙන් 90% ක්‌ද කාන්තාවන්ගෙන් 70% ක්‌ද ස්‌වයං වින්දනයේ යෙදෙති. නමුත් ඇතැම් දෙනා අතර පවතින ආකල්ප මත ස්‌වයං වින්දනය යනු මහා බරපතළ වරදකි. එනිසා මෙය ගැටලුවක් බවට පත් කරගත්තෝද සිටිති. ලිංගික ගැටලු සම්බන්ධව අප වෙත ලැබී ඇති තොරතුරු අතරින් එය ඉතා හොඳින් පැහැදිලිවේ. එබැවින් එම ගැටලු වලින් පෙළෙන අයටත් එම ගැටලු සගවාගෙන සිතින් දුක් විඳ විඳ සිටින අයටත් ස්‌වයං වින්දනය පිළිබඳව නිවැරැදි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අපට පළ කළ හැකි මට්‌ටමින් අපි සාකච්ඡා කරන්නෙමු.
ස්‌වයං වින්දනය යනු වෛද්‍ය විද්‍යාත්මකව අතිශය සාමාන්‍ය වූ ක‍්‍රියාවකි. මේ පිළිබඳව දරන ආකල්ප පුද්ගලයාගෙන් පුද්ගලයාටත් එක් එක් සමාජයටත් අනුව වෙනස් වේ. පුද්ගලයන් බොහෝ දෙනෙක් තම ජීවිතයේ යම් අවධියක හෝ ස්‌වයං වින්දනයේ යෙදෙති. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නකි. මෙම ක‍්‍රමවේද එක් අයකුගෙන් අන් අයකුට වෙනස් වුවත් ස්‌වයං වින්දනය යනු සාමාන්‍යයෙන් ශරීරයේ ලිංගික අවයව ස්‌පර්ශ කරමින් ලිංගික සිතුවිලි වලට සිත යොමු කරමින් සුරතාන්තය දක්‌වා ලිංගික අවයව උත්තේජනය කිරීමයි. කුඩා දරුවන්ද ලිංගික අවයව ස්‌පර්ශ කිරීමෙන් සතුටක් ලැබීම සාමාන්‍ය වර්ධනයේ කොටසකි. නව යොවුන් සහ යොවුන් වියේ ස්‌වයං වින්දනය බහුලව සිදුවේ. වියපත් වීමත් සමග ලිංගිකව එක් වීම මෙන්ම ස්‌වයං වින්දනයේ වාර ගණනද අඩුවේ. කෙසේ වෙතත් වයසින් මුහුකුරා ගිය ඇතැමුන්ගේ ප‍්‍රධාන ලිංගික ක‍්‍රියාකාරකම වන්නේ ස්‌වයං වින්දනයයි. ස්‌වයං වින්දනය පිළිබඳව යොමු කර ඇති ගැටලු අතර ප‍්‍රධාන ගැටලු කිහිපයක් තිබේ. ඉන් ප‍්‍රධානතම ගැටලුව වී ඇත්තේ මෙය වැරැුදි ක‍්‍රියාවක්‌ද යන්නයි.
වෛද්‍ය විද්‍යාත්මකව ගත් කළ ස්‌වයං වින්දනයේ යෙදීමේ කිසිදු වරදක් නැත. එසේම තමා ස්‌වයං වින්දනයේ යෙදෙන වාර ගණන පිළිබඳවද ඇතැම් අයට ගැටලුවක් පවතී. එනම් මෙය සාමාන්‍ය වන්නේ කුමන වාර ගණනක සීමාවක් තුළද යන්නයි. ස්‌වයං වින්දනයේ යෙදීම තුළින් තම ලිංගික සහකරු/ සහකාරිය සමග ලිංගිකව සම්බන්ධ වීමට ඇති කැමැත්ත අඩු වීමක් හෝ එදිනෙදා ජීවිතයේ කටයුතු වලට බාධාවක් වීමක් සිදු නොවන තාක් කල් එහි යෙදීමේ වාර ගණනේ සීමාවක් නොමැත. යම් අයෙක් තම ලිංගික සම්බන්ධතා හෝ අනෙකුත් ක‍්‍රියාකාර කම් වලට බාධාවක් වන පරිදි ස්‌වයං වින්දනයට ඇබ්බැහි වී සිටී නම් දිනකට කිහිප වරක් බොහෝ දිනවල ස්‌වයං වින්දනයේ යෙදීම නිසා අසහනකාරී මානසික තත්ත්වයක් ඇතිවේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි ලිංගික හැඟීමක් නොමැතිව ස්‌වයං වින්දනය දිගින් දිගටම දිනකට කිහිප වරක් කිරීමේ අවශ්‍යතාවක් ඇති වේ නම් එසේ කිරීමෙන් සතුටක් නොලැබේ නම් එම තත්ත්වය ඡුැරිසිඒබඑ ඨැබසඒක ්රදමි්ක ෘසිදරාැර නමින් හඳුන්වන තත්ත්වයයි. මෙම තත්ත්වය කාන්තාවන් අතර ඇතිවන දුර්ලභ තත්ත්වයකි. මෙම තත්ත්වය නිසා මානසික අසහනකාරී තත්ත්වයක්‌් ඇතිවේ නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. ස්‌වයං වින්දනය පිළිබඳව තවත් සුලභ ගැටලුවක් වන්නේ මෙය ශරීරයට අහිතකර බලපෑම් ඇති කරන්නක්‌ද යන්නයි. ඇතැම් පුද්ගලයන් අතර මේ පිළිබඳව විවිධ වූ වැරැුදි මත පවතියි. ඒ මත අතරින් ස්‌වයං වින්දනය නිසා ලශරීරයේ වර්ධනය බාල වේල, මානසික විකෘතිතා ඇතිවේ, ඇස් පෙනීම දුර්වලවේල, ශරීරය කෙට්‌ටු වේ වැනි අදහස් ඉන් කිහිපයකි. මේ මත වල කිසිදු සත්‍යතාවක් නොමැත.
ස්‌වයං වින්දනය විවාහක යුවළකගේ ලිංගික ආශාවන්ගේ වෙනස පුරවා ගැනීමේද යහපත් ක‍්‍රියාවකි. විවාහ දිවියේ ගැටලු මතුවූ විට ඔවුන්ගේ ඇතිවන මානසික පීඩනය අඩු කිරීමටද ස්‌වයං වින්දනය උපකාරි විය හැකිය. නමුත් එය එකිනෙකා අතර ගැටලු ඇති කර ගැනීමට සාධකයක් නොවිය යුතුය. ස්‌වයං වින්දනය පිළිබඳ කාන්තාවන් අතර විවිධ ගැටලු පවතී. ඇතැම් කාන්තාවෝ තම කන්‍යාභාවයට හානි නොවන පරිදි ස්‌වයං වින්දනයේ යෙදිය නොහැකිය යන මතයක සිටිති. තවත් කාන්තාවෝ මෙය තමුනටද යෙදිය හැකි ක‍්‍රියාවක් යෑයි නොදනිති. විවිධ සමාජ මත නිසාත් ඇතැම් කාන්තාවෝ ස්‌වයං වින්දනයෙන් බැහැරව සිටිති. නමුත් පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ටද ස්‌වයං වින්දනයේ යෙදීමේ හැකියාව ඇත. ස්‌වයං වින්දනය වෛද්‍ය විද්‍යාත්මකව සාමාන්‍ය ක‍්‍රියාවක් වන අතර ඉන් ශාරීරික හානියක් සිදුනොවේ.
0 comments :
Post a Comment