Sunday, August 6, 2017

ගැහැණියකගේ යෝනියට වෙඩි තැබූ පුද්ගලයෙකුට අවුරුදු 10ක සිරදඬුවම්!



අවුරුදු 46ක් වයසැති ගැහැණියකු, ජෙෆර්ස් නම් පුද්ගලයකු සමඟ මීට දින කිහිපයකට පමණ පෙර එංගලන්තයේ හෝටලයක ලැඟුම් ගෙන ඇත. සිද්ධිය සිදුවන දින රාත්‍රියේදී මොවුන් දෙදෙනා ලිංගික ක්‍රියාකාරකම් වල යෙදී සිට ඇති බව මැංචෙස්ටර් මැංචෙස්ටර් පොලීසිය පවසයි. සිද්ධිය සිදු වූ වහාම පොලීසිය එම හෝටල් කාමරය වෙත පැමිණෙන විටත් එම ගැහැණිය ලේ විලක් මැද සිට ඇති බව ද, ඇගෙ උදර ප්‍රදේශය දරුණු ලෙසම තුවාල වී තිබී ඇති බව ද පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි. 


විගස රෝහලට රැගෙන යාමට සිදු වුණු ඇයට අභ්‍යන්තර සැත්කම් කිරීමට පවා සිදුව තිබිණ. අනතුරුව පොලීසිය නැගූ ප්‍රශ්ණ කිරීම් වලදී ඇය කියා තිබුණේ ජෙෆර්ස් ඉතා භයානක පුද්ගලයකු වූ බවයි. අනතුර සිදු කර සැකකරු පලා යන ආකාරය එම හෝටලයේ සීසීටීවී කැමරා දර්ශණ වලින් සනාත වූ අතර, ඔහු එවෙලෙහිම දුම්රියපොලට ගොස් දුම්රියක් මඟින් ලීඩ්ස් බලා පලා ගොස් ඇත. 

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අන්දමට ගැහැණියගේ ඉදිරි ජීවිතයට විශාල මරු පහරක් එල්ල වී ඇති අතර, එම සිදුවීම් දාමය ගැහැණියකට විය හැකි දරුණුතම සිදුවීමක් විය හැකි බව ද තවදුරටත් මාධ්‍ය විස්තර කරයි.



0 comments :

Post a Comment