
අන්තර්ජාලයේ යූ-ටියුබ් වෙබ් අඩවිය තුළ මේ වන විට ඉතාමත් ප්‍රසිද්ධ වීඩියෝ එකක් පිළිබඳවයි මේ තොරතුරු ගෙන එන්නේ.
කැනඩාවේ Toronto Transport Commission (TTC) නම් වූ දුම්රියේ තම වැඩ නිමවී නිවස බලා ගමන් ගන්නා ලද එක් කාන්තාවක විසින් තමන් ළඟ සිටින සුරතල් බල්ලාට ඉතාමත් අමානුෂික ලෙස පහර දී තිරිසනකු මෙන් සපා කන ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.
මේ සිදුවීම එම දුම්රියේම ගමන්ගත් මගියකු විසින් තමයි මෙසේ රූගත කර යූ-ටියුබ් වෙඩ් අඩවිය වෙත මුදා හැර තිබෙන්නේ. මෙම උමතු කාන්තාව විසින් එම බල්ලා වේදනාවින් කෑ ගසද්දීත් නොනවත්වා පහර පිට පහර එල්ල කරන ආකාරය එම වීඩියෝවෙන් අපට දක්නට පුළුවන්. ඒ වගේම බැලීමට ඉතාමත්ම අපහසු ආකාරයෙන් එම බල්ලාව සපා කන ආකාරයත් වීඩියෝවෙන් දකින්නට පුළුවන්.
මෙම සිදුවීම සිදුවී ඇත්තේ ඉකුත් සිකුරාදා දිනයේ යි. එම වීඩියෝව අන්තර්ජාලයට එක් කළ පුද්ගලයා වීඩියෝව එක්කරමින් සිදුවීම ගැන මෙසේ සඳහන් කර තිබෙනවා:
"මම වැඩ ඉවරවෙලා කෝච්චියේ යනින් ගමනුයි හිටියේ. මේ පිස්සු ගෑණි එකපාරටම එයාගේ බල්ලට නොනවත්වාම පහර දෙන ගමන් ඌගේ ලෝම අදින්න ගත්තා. මට ඒක බලන්නවත් බැරිවයි හිටියේ. පස්සෙ එක මිනිහෙක් ඉක්මණටම ඒ ගෑණි ගාවට ඇවිල්ලා ඕක නවත්තන්න කියලා කිව්වා."
"ඒ අතරතුරේදි තමයි තවත් කෙනෙක් රියදුරු ආසනය ළඟට ගියාට පස්සෙ කෝච්චිය නැවතුනේ. ඊට පස්සෙ, ඒ කෝච්චියෙ වැඩ කරන මිනිස්සු වගයක් ඇවිල්ලා ඒ ගෑණිව එළියට පන්නලා දැම්මා."
මේ වීඩියෝ එක නරඹන අපිට බලාගන්න පුළුවන් එක්තරා අවස්ථාවකදී එක පුද්ගලයෙක් ඒ කාන්තාවට කියනවා: "ඔයා ඕක දැන්ම ම නවත්තන්න කියලා." ඒත් එ්කට ඒ කාන්තාව දෙන උත්තරය තමයි: "මොකද්ද? තමුසේ කවුද? මොන මඟුලක් ගැනද තමුසෙ මේ කියවන්නේ?"
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු ටොරන්ටෝ පොලීසිය මෙම කාන්තාව අත්අඩංගුවට රැගෙන තිබෙනවා. නමුත් එම බල්ලාගේ ශාරීරිකව කිසිදු තුවාලයක් දැකගැනීමට නොහැකි වූ නිසා ඇයව අවවාද කිරීමකින් පසුව නිදහස් කළ බවයි මාධ්‍යය වාර්තා කරන්නේ.
එම වීඩියෝව පහතින් බලන්න:
0 comments :
Post a Comment