
පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන ක්ෂේත්‍රයේ දැනට සිටින ජනප්‍රිය චරිතයක්. ඒ නිසා මෙවර ආදරය ගැන කතා කරන්න... අපි ඇයට කතා කළා. ආදරය හිතට දැනෙනකොට වයස කීයද? වයස අවුරුදු දාහතරෙදි තමයි මට ආදරය හිතට දැනුණේ.
පාසල් ප්‍රේමය මතකද?
ඔව්. ඒ කාලේ පෙම්වතෙක් හිටියා සංජීව කියලා. එයා ලස්සනයි. පාසල ඉවරවෙලා එයා එක්ක කතා කර කර තමයි එන්නේ. අපේ ගේ පේන මානෙදි එයාගේ යාළුවෝ එක්ක යනවා. ඒ අතීතෙට මම ගොඩක් කැමතියි.
ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැරි බව ඇත්තද?
පාසල් ප්‍රේමය තමයි මගේ ප්‍රථම ප්‍රේමයත්. පුළුවන්. අපට හොඳ කෙනෙක් ලැබුණොත් ඒ දේවල් අමතක වෙලා යනවා.
මුලින්ම ලැබුණු තෑග්ග මොකක්ද?
චොකලට් එකක්.
පෙම්වතාගෙන් ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද?
රොලැක්ස් ඔරලෝසුවක්.
ආදරය මුලින්ම ප්‍රකාශ කරන්න ඕන පිරිමි ළමයද?
එහෙම නෑ. දෙන්නට දෙන්නා ආදරේ නම්, ඒ ආදරය කවුරු ප්‍රකාශ කළත් එකයි. මට නම් ආදරය ප්‍රකාශ කළේ පිරිමි ළමයි තමයි.
ඔබ කාට හරි මුලින් ආදරය ප්‍රකාශ කරලා තියෙනවද?
කාටවත්ම නෑ.
අප්‍රකාශිත ආදර කතා කීයක් ඔබේ ජීවිතයේ තියෙනවද?
මතක නම් නෑ.
ජනප්‍රිය නළුවෝ කී දෙනෙකුට ආදරය කළාද?
එදා ඉඳන්ම විජය කුමාරතුංගට තමයි මම ආදරය කළේ.
ඔබ වශී වෙන්නේ පිරිමි ළමයාගේ මොන ගතිගුණවලටද?
හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. රැවුල තියෙන, ඇඟ තියෙන, ලස්සන කෙනෙක්ට කැමතියි. ඒත් දැන් කාලේ ඉන්න අයගේ පිරිමි පාටක් නෑ..
ආදරය ඇතුළේ රාගයට ඔබ වෙන් කරන ඉඩ ප්‍රතිශතය කීයද?
ආදරය සීයට සීයක් නම් රාගයටත් සීයටම සීයයි.
පෙම්වතා ආදරයට ඔබට කියන නම මොකක්ද?
සුදු අම්මි කියලා.
ඔබ ආදරේට ඔහුට කියන නම මොකක්ද?
බේබි කියලා.
විරහව කී වතාවක් විඳලා තියෙනවද?
දෙතුන් වතාවක් විඳලා තියෙනවා.
ප්‍රේමය විවාහයෙන් කෙළවර වෙන්න ඕනද?
එහෙම වෙන අවස්ථාත් තියනවා. නමුත් එහෙම විවාහ සාර්ථක වෙන්නෙත් නෑ.
පෙම්වතා තරහ වුණහම ඔබ යාළු කරගන්නේ කොහොමද?
මම එයාව යාළු කරගන්නේ නෑ. ඔහුම තමයි මාව යාළු කරගන්නේ.
පෙම්වතා නිතරම වැඩිමල් වෙන්න ඕනද?
පෙම්වතා වැඩිමහල් වෙන්න ඕන. නමුත් ඒකට පරතරයක් තියෙන්න ඕන. මොකද මට අවුරුදු 24ක් වෙද්දි පෙම්වතාට වයස 50ක් වුණොත් ගැළපෙන්නේ නෑ. අනික පාරේ බැහැලා යන්න බෑ.
ආදරයට නිර්වචනයක් දෙන්න?
සුන්දරයි. ඒත් වෙලාවකට වේදනාව වගේම දුකක්.
0 comments :
Post a Comment