Saturday, August 5, 2017

ඔබ ආදරය කරන කෙල්ල ඔබට කැමති බව කියවන ඇගේ ඉරියව් රටා මෙන්න.



ඔයා තාමත් කෙල්ලෙක් පස්සේ යනව ද? කෙල්ලගෙන් අහන්න බයයි ද? ඇහුවොත් වැඩේ අවුල් යයි ද? මොකද එයා අපිට කැමති ද නැද්ද දන්නෙ නෑනේ. මේවා තමයි අපේ තරුණ කොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්ණ. ඔයා එක්තරා විශේෂ වුණු කෙල්ලෙක් පස්සෙ පන්නගෙන යනවා වුනාට ඔයාට හරියටම කියන්න පුළුවන් ද එයා ඔයාට ඇත්තටම කැමතියි ද නැද්ද කියලා. හොඳයි, අපි අරගෙන ආවා හරියටම එයා ඔයාට කැමතියි කියන්න හේතු සාධක ඉදිරිපත් කරන එයාගෙ ඉරියව් කිහිපයක්.


01. එයා ඇත්තටම ඔයත් එක්ක කතාවට කැමතියි - පහසු වෙලාවක් ලැබුන ගමන් ඔයත් එක්ක කතාවට එන්නමයි බලන්නෙ.

02. ඔයා කියන දේවල් වලට එයා හිනා වෙයි -  තදින්ම හිනා වෙනවා නෙවෙයි. ඔයා කියන දේවල් අහලා එයාගෙන් කටින් හිනාවක් එන එක ගැනයි කියන්නෙ.

03. ඔයාගෙ ඇස් එක්ක ගැටෙන්න එයා හරි බය වෙයි - එයා අනිවාර්යයයෙන්ම ඔයාට කැමතියි නම් ඔයාගෙයි එයාගෙයි ඇස් එකිනෙකට මුණගැහුනහම එයා ටිකක් බය වෙනවා. එකපාරටම අහක බලා ගනීවි.

04. ඔයාව හොයාවි - එයයි, ඔයයි ඉන්නෙ කොතනද කියන තත්වය මත මේක වෙනස් වෙන්න පුළුවන්.

05. එයාගෙ තොල් පෙති එයා දිවගායි - මේක නම් යම් යම් ගැහැණු ළමයින්ට වෙනස් වෙන තත්ත්වයක්.

06. ඔයා දිහා බලලා හිනා වෙයි - මේ හිනාව ව්‍යාජ එකක් නම් නෙවෙයි. ඔයා දැක්කම ඇත්තටම, ඉඹේම ඇති වෙන හිනාවක්. එයාගෙ ඇස් දෙක හිනාවෙනකොට පුංචි වෙන හැටි බලලා ඒක ඔයාට තහවුරු කරගන්න පුළුවන්.

07. ඔයා අනිත් ගෑණු ළමයි එක්ක කතාවට වැටෙනවාට එයා කැමති නැති වෙයි - එයාව පේන මානයේ ඉඳලා ඔයා අනිත් ගෑණු ළමයි එක්ක කතා බහ කරනවා නම් එයාට ඒක බලාගෙන ඉන්න බෑ. අනිවාර්යයයෙන්ම එයා ඔයාට නොපෙනෙන තැනකටම යනවා.


08. එයාගෙ යාළුවො ඔයාට ඉඟි දෙයි - එයත් එක්ක එකටම ඉන්න යාළුවන්ගෙ ප්‍රතිචාර ඔයා බලන්න. ඔයා එයාලා ළඟට එන කොට යාළුවො ටික ඉක්මණටම නිශ්ෂබ්ද වෙනවා නම්, හිමින් හිමින් හිනා වෙනවා නම්, කෙල්ල ඔයාට කැමතියි.

09. ඔයා ඉන්න තැන එයා කොණ්ඩය අල්ල අල්ල ඉඳීවි - ඔයාම ඇවිත් එයාගෙ කොණ්ඩෙන් අල්ලාවි කියා හිතන විදිහ ගැන හිතලා තමයි එයා මේක කරන්නෙ.

10. එයා සමහරක් වෙලාවට ඔයාගෙ ඇඟේ හැප්පේවි - මෙහෙම වෙනවා නම් අනිවාර්යයයෙන්ම එයා ඔයත් එක්ක කතාවක් පටන්ගන්න කැමැත්තක් දක්වනවා.

11. එයා තාමත් තනිකඩයි කියලා ඔයාට ඉඟි දේවි - එහෙමත් නැත්තම් ඔයා තනිකඩයි ද කියලා එයා කෙලින්ම අහන්න බැරි කමක් නෑ.


12. එයා ඔයාට හැමවෙලේම විවෘත වෙයි - එයා ඔයත් එක්ක කතාබහ කරනවානම්, එයා තමුන්ගෙ පෞද්ගලික ප්‍රශ්ණ ඔයාත් එක්ක කියන්න පුළුවන්. මේකෙ තේරුම තමයි එයා ඔයාව සෑහෙන්න විශ්වාස කරනවා කියන එක.

13. ඔයත් එක්ක ඉස්සරහට කරන්නෙ මොනවද කියන දේවල් ගැන කතා කරයි - සමහර විට එයා ඔයාට කියන්න පුළුවන් දවසකින් දෙකකින් වගේ අපි චිත්‍රපටියක් එහෙමත් නැත්තම් වෙනත් සංදර්ශණයක් බලන්න යමු කියලා. ඒ කියන්නෙ එයා ඔයා ගැන සැලකිල්ලක් දක්වනවා නේද?

14. ඔයා දාන හැම පෝස්ට් එකටම එයා ලයික් කරයි - ඒවගේම එයා ඔයාව ටැග් කරලා  පෝස්ට් දානවා නම් ඒකත් සුබ සලකුණක් වේවි.

15. ඔයාගෙ හැඩරුව ගැන එයා නිතරම වර්ණනා කරයි - ඔයා හැමදාම අඳින පළඳිනවාට වඩා වෙනස් විදිහකට අඳින්න ගත්තොත් අනිවාර්යයයෙන්ම එයා ඔයාව වර්ණනා කරන්න ගනීවි.

0 comments :

Post a Comment