
වීඩියෝව පහලින් බලන්න:
දූෂණයට ලක් වූ ඇය ගැබ්ගැනීමකටත් ලක් වෙලා.
දරු ගැබට සති 32යි. අධිකරණය ගබ්සාව ප්‍රතික්ෂේප කරයි.
මෙම සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවෙනි. මෙම අවුරුදු 10 ක් පමණ වයසැති දැරිය මීට මාස 7කට පමණ පෙර සිය මාමා විසින් කිහිපවාරයක්ම දූෂණයට ලක්ව ඇත. ඇගේ දෙමාපියන් කුඩා දැරියගේ ගැබ් ගැනීම පිළිබඳව දැනගෙන ඇත්තේ අැය තමන්ට බඩේ රිදීමක් තිබෙනවා යැයි කියලා රෝහල්ගත කිරීමකින් අනතුරුවයි. නමුත්, අවාසනාවන්ත ලෙස එම දරු ගැබට සති 32ක් පමණ ගතව තිබිණ.
නමුත් අවාසනාවන්ත ලෙස ඉන්දියානු අධිකරණය එම කුඩා දැරියව ගබ්සා කිරීමට යොමු කිරීම සඳහා ඉඩ ලබා නොදෙයි. වෛද්‍යවරුන් පවසන අන්දමට දරුගැබට සති 32ක් පමණ වූ පසු ගබ්සා කිරීම ඇයගේ ජීවිතය අනතුරේ හැලීමක් වන බවයි.
නමුත් අධිකරණ තීන්දුව දැරියගේ දෙමාපියන් බාරගන්නට සූදානම් බවට ද ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. එහිදී පියා BBC මාධ්‍යට පවසා ඇත්තේ: "මට අවශ්‍ය වන්නෙ මේ දූෂකයා දඬුවම් විදිනවා දැකීමයි. දූෂකයාට එක්කො මරණ දණ්ඩනය හිමිවන්න ඕන, නැත්තම් ඒකාගේ ඉතිරි ජීවිත කාළයම හිරේ විලංගුවේ වැටෙන්න ඕන!"
0 comments :
Post a Comment