Wednesday, August 16, 2017

අසම්මත පෙම නිරූපණය කෙරෙන 'මැලේනා' වගේ චිත්‍රපට 5ක් මෙන්න!



ඔය හැමෝම මැලේනා (Malèna) චිත්‍රපටය බලලා ඇති. මොකද මේ චිත්‍රපටය බලලා නැති කෙනෙක් හොයාගන්නවත් නැති තරම්. 2000 වර්ශයේදී තිරගත වුණු මේ චිත්‍රපටය ඉතාලියානු ආදර කතාවක්. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් හිතෙයි ඉතින් මේකෙ ඔය තරමට තියෙන විශේෂත්වය මොකද්ද? විශේෂත්වය මේකයි. චිත්‍රපටය ආදර කතාවක් වුනත් අනිත් චිත්‍රපට වල වගේ අපිට දකින්න පුළුවන් සාමාන්‍ය ආදර කතාවක් නම් නෙවෙයි. චිත්‍රපටයේ නිරූපනය කරන ප්‍රධාන චරිත දෙක වයසින් සෑහෙන වෙනස්. කෙටියෙන්ම කීවොත් අවුරුදු 12ක පිරිමි ළමයෙක් (රෙනාටෝ) ඔහුට හාත්පසින්ම වැඩිමල් සුරූපී ගැහැණියකට (මැලේනා) ඒකපාර්ශ්විකව කරන ආදර අන්දරයක් තමයි තියෙන්නෙ. ගොඩක් අය මේ චිත්‍රපටය බැහැර කරන්නෙ මේ සිදුවීම් දාමය කවදාවත් සමාජය පිළිනොගන්න අසම්මත ආදර අන්දරයක් වෙන නිසාවෙන්. නමුත් සැබෑවටම චිත්‍රපටයේ නිර්මාණකරුවන් සමාජයට කියන්නට හදන දේ වෙනස්ම එකක්. හොඳයි චිත්‍රපටය ගැන කියන්න නෙවෙයි මේ ලිපිය වෙන් වෙන්නෙ. 

අපි මේ ලිපියෙදි කතා කරන්නෙ Malèna චිත්‍රපට වගේ (කෙටියෙන්ම කිව්වොත් වයසින් බාල පිරිමි ළමයකු හා ඊට වැඩිමල් ගැහැණු කෙනෙකු අතර ඇති වන අසම්මත ආදර කතා)  චිත්‍රපට 5 ක් ගැන ඔයාලට විස්තර ගේන්න. ලිපිය කියෙව්වට පස්සෙ මේ චිත්‍රපට හැම එකක්ම ඔයාට බලන්න පුළුවන්.

01. The Reader



මැලේනා කියපු ගමන් අනිවාර්යයයෙන්ම මතක් වෙන්නෙ මේ චිත්‍රපටය. හැබැයි මැලේනා චිත්‍රපටයේ වගේ මේ පිරිමි ළමයාගේ චරිතය නම් නිරූපණය කරන්නෙ (චිත්‍රපටයේ පෙන්වා ඇති විදිහට) අවුරුදු 16ක කෙනෙක්. මයිකල් අවුරුදු 16ක වයසේදී කෝච්චියක ටිකට් කඩන ගැහැණියක් වන හැනා (ටයිටැනික් චිත්‍රපටයේ රඟපාන Kate Winslet) එක්ක සම්බන්ධ කමක් පවත්වනවා. සම්බන්ධකම දුරදිග යන කළ හැනා සම්බන්ධකම නවත්වන්න තීරණය කරනවා. නමුත් මයිකල්ට ඕන ඇයව. අවසානය ඉතාමත්ම සංවේදී. බලන්න ඉහළින්ම නිර්දේශිත චිත්‍රපටයක්.

02. Notes on a Scandal




මේක ඇවිල්ලා බ්‍රිතාන්‍ය චිත්‍රපටයක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන බාර්බරා කියන්නෙ බ්‍රිතාන්‍ය පාසලක ඉතිහාස ගුරුවරියක්. මේ පාසලට අලුතින් කලා විශය උගන්නන්න ගුරුවරියක් එනවා. එයාගෙ නම ශෙබා. එතැන් පටන් බාර්බරා ඇයට ආකර්ෂණය වෙනවා. නමුත් මේ ශෙබා ගුරුවරිය එම පාසලේම වයස අවුරුදු 15ක සිසුවකු සමඟ ලිංගිකව හැසිරෙන බව දැනගත්තාම බාර්බරා මොනව කරයි ද?

03. In the Heat of the Sun



මේක මැලේනා වගේ තවත් හොඳම චිත්‍රපටයක්. මේ සංකල්පය මත චීනයේ නිෂ්පාදනය වුණු ආසියාතික ප්‍රථම චිත්‍රපටය කියන්න පුලුවන්. 'මා' කියන්නෙ චීනයේ බීජිං නුවර හැදී වැඩෙන දඩබ්බර කොඵ ගැටයෙක්. කොල්ලගෙ වැඩේ තමන්ම හදාපු යතුරු උපයෝගී කරගෙන අනුන්ගෙ ගෙවල් වලට හොරෙන් ඇතුළු වෙන එක. එක දවසක් එයා එක ගෙදරක දොරක් ඇරගෙන හොරෙන්ම ඇතුළු වෙනවා. මෙහෙම ඉන්න අතරෙ ගෙදර අයිතිකාර සුරූපි ගැහැණිය එක්වරම ගෙදරට ඇතුළුවෙනවා. 'මා' ට කරකියාගන්න දෙයක් නෑ. හැංඟෙන්නෙ ඒ ගැහැණියගෙ ඇඳ යට... පස්සෙ මොකක් වෙයි ද?

04. The Piano Teacher



මේක 2001 දී නිකුත් වුණු තවත් බැලිය යුතු ගණයට වැටෙන චිත්‍රපටයක්. කතාවේ මූලිකම දේ තමයි පියානෝ ගුරුවරියක හා තරුණ පිරිමි ළමයෙකු අතර සිදුවන ආදර පටලැවිල්ල.


05. Ek Chhotisi Love Story



ඔන්න මේක නම් අපේ අසල්වැසි ඉන්දියාවේ 2002 වසරෙදි නිකුත් වුණු චිත්‍රපටයක්. ආදිත්‍ය කියන්නෙ අවුරුදු 15ක පිරිමි ළමයෙක්. එයාගෙ වැඩේම දුරදක්නයක් අරගෙන ඒකෙන් එයා ඉන්න ගොඩනැගිල්ලට එහා ගොඩනැගිල්ලෙ ඉන්න එක එක තරුණ ගැහැණු ළමයින්ව බලන එක. දවසක් එක ගැහැණු කෙනෙක් (චරිතයට පණ පොවන මනීෂා කොයිරාළ) මේ ගැන දැනගෙන පිරිමි ළමයට ජීවිතේ අමතක නොවන පාඩමක් උගන්නනවා. ඒ මොකද්ද?


0 comments :

Post a Comment