
හොඳයි. මම මේ කියන්න හදන දේ ගොඩක් අය දන්නවා ඇති. කරන අයත් ඇති. අහල තියෙන අය, ඉගෙන ගන්න කැමති අය, මොකුත්ම නොදන්නා අය, මේ හැමෝම අය ඇති. මේ හැමෝම වෙනුවෙන් පොඩි ලිපියක් ලියන්න හිතුවා. මුලින්ම කියන්න ඕනේ මම Cryptocurrency කියන්නේ මොනවද, Bitcoin කියන්නේ මොනවද, Bitcoin මිලදී ගන්නේ කොහොමද කියල කතා කරන්නේ නෑ මේ දේවල් ගැන අපි කුප්පියේත් කතා කරානේ ටිකක් ගැඹුරින් කතා කතා කරන්න තමා බලාපොරොත්තුව. නොතේරෙන දෙයක් තියෙනවානම් පහළින් Comment එකක් දාන්න.
අපි Trade කරනවා කියන එකේ සරල අර්ථය මාරු කරනවා එහෙමත් නැත්තම් වෙළඳාම් කරනවා කියන එක ඔයාල දන්නවනේ. Cryptocurrency කියන්නේ මනඃ කල්පිත එහෙමත් නැත්තම් ගුප්ත මුදල් ඒකක කියන එක. Bitcoin, Ethereum, Ripple, Litecoin, Dashcoin වගේ ඒවා හොඳට මතක් කරන්න බලන්න ඔයාලට අදහසක් ගන්න පුළුවන් වෙයි කියල මම හිතනවා. හොඳයි අපි දැන් මනඃ කල්පිත මුදල් ඒකක මාරු කරන්න එහෙමත් නැත්තම් වෙලඳාම් කරන්න තමයි යන්නේ.
Cryptocurrency trade කරන්න අපිට මොනවද තියෙන්න ඕනේ?
1. කාලය
2. යම්කිසි මුදලක්
3. තමන් කරන දේ ආසාවෙන් කරන්න පුළුවන් මානසිකත්වයක්
හරි දැන් වැඩේ පටන් ගන්නයි යන්නේ. මුලින්ම අපේ සල්ලි ආයෝජනය කරන්න කලින් හොඳ Trading site එකක් තෝර ගන්න ඕනේ. Trading sites නම් සෑහෙන ගොඩක් තියෙනවා ඒත් මමනම් Recommend කරන්නේ https://bittrex.com/ https://poloniex.com/ යන Site දෙක විතරයි. ඒ වුණත් මේ Sites වුණත් හැක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අවදානමත් ඔයාල ගන්න ඕනේ.
හොඳයි. මම https://poloniex.com/ එකෙන් තමයි වැඩේ පටන් ගන්න යන්නේ. මේක තෝර ගන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඒවා ගැන මෙතන කතා කරන්නේ නෑ Post එක දික් වෙන නිසා. මේකට ගියාම මෙන්න මේ වගේ පිටුවක් තමයි එන්නේ Create your account කියන එකට ගියාම ඔයාලට ලේසියෙන්ම Account එකක් හදාගන්න පුළුවන්. මේකේ ඉල්ලන ඔක්කොම දේවල් වලට ඔයාගේ ඇත්ත විස්තර දාල පුරවන්න. බොරු එහෙම දාන්න යන්න එපා.
Account එකේ වැඩ ඉවර වෙලා Poloniex එකේ මුල් පිටුවට ආවාම මේ විදිහට තමා පේන්නේ හැමදෙයක්ම පටන් ගන්න කලින් මේකේ තියෙන දේවල් මොනවද, මේවගෙන් කෙරෙන්නේ මොනවද කියල අඳුනගමු.

ඔයාලට උඩින්ම පේනවා ඇති ලොකුවට MONERO EXCHANGE XMR/BTC කියල මේකෙන් කියවෙන්නේ ඔයාල Trade කරන්නේ මොන යුගලයද කියන එක. සරලව කිව්වොත් Bitcoin වලින් Monero Coin වලට මාරු කරන්නේ මෙතනින්. මුල් පිටුවට මේ Chart එක වැටෙන්නේ එදා දවසේ Markets වැඩියෙන්ම වෙනස් වුන එකේ කියල හොඳට මතක තියාගන්න. දකුණු පැත්තේ Markets කියන එකෙන් ඒ ඒ Coin වල Charts වෙන වෙනම බලාගන්නත් පුළුවන්.
ඊළඟට ඒකට උඩින් Exchange, Margin Trading, Lending කියල ටැබ් තුනක් තියෙනවා ඔයා ආරම්භකයෙක් විදිහට Exchange කියන ටැබ් එක විතරක් පාවිච්චි කරනවානම් තමා හොඳ අනිත් දෙකට යන්න වත් එපා.
ඔයාලට පේනවා ඇති මේ පින්තුරේ MONERO EXCHANGE කියන එකට දකුණු පැත්තෙන් චුට්ටක් දිග කොටුවක් තියෙනවා එකෙන් කියවෙන දේවල් එකින් එක අඳුනගමු.
Last Price - Monero coin එක්ක දැන් මිල.
24hr Change - අවසාන පැය 24 තුළ Monero coin වල වැඩි වීමේ ප්‍රතිශතය. (කොළ පාටින් තියෙන්නේ වැඩි වීම මේක රතු පාටින් තියෙනවනම් අඩු වීමක්.)
24hr High - අවසාන පැය 24 තුළ Monero coin එකක උපරිම අගය.
24hr Low - අවසාන පැය 24 තුළ Monero coin එකක අවම අගය.
24hr Volume – අවසාන පැය 24 තුළ Monero coin හුවමාරු කරපු මුලු ප්‍රමාණය Bitcoin සහ Monero coin වලින්.
ඔයාල හොඳට මතක තියාගන්න මේ අගයන් හැම එකක්ම තියෙන්නේ Bitcoin වලින් මේ අගයන් ඕනෙනම් USD වලට පරිවර්තනය කරගන්න පුළුවන්.
හරි දැන් අපි දකුණු පැත්තේ Markets කියන ලොකු කොටුවට යමු. මේකේ තමයි අපේ සියලුම මුදල් ඒකක ලැයිස්තු ගත කරලා තියෙන්නේ. මේකේ දිගට පිළිවෙළින් නම, දැන් අගය, වැඩි හෝ අඩු වීමේ ප්‍රතිශතය, හුවමාරු කරපු මුලු ප්‍රමාණය පෙන්නනවා. මම හිතනවා මේක එච්චර තේරුම් ගන්න අපහසු නෑ කියල.
අපි දැන් පොඩ්ඩක් පහළට යමු.

පින්තුරේ පේන විදිහට පොඩි කොටු තුනක් තියෙනවා BUY XMR, STOP-LIMIT, SELL XMR කියල. මෙතන ඔයාලට වැදගත්ම තැනක් මෙතනින් තමයි අපි coin මිලදී ගන්නෙත් විකුනන්නෙත්. BUY XMR කියන කොටුවේ,
You have - ඔයා Deposit කරලා තියෙන මුදල. (බයවෙන්න එපා Deposit කරන විදිහ පහළින් කියල දෙනවා.)
Lowest ask - Monero coin එකක් මිලදී ගත හැකි අවම අගය.
Price - අපි Monero coin එකක් මිලදී ගන්නා අගය. (මේකට ඔයාට මිලදී ගන්න පුළුවන් අවම අගය හෝ වැඩි ගානක් දීල වුණත් මිලදී ගන්න පුළුවන්. තව අවම අගයට වඩා අඩු ගානක් දෙන්නත් පුළුවන් එහෙම දුන්න වෙලාවක එක එවලේම Buy වෙන්නේ නෑ Monero coin ඒකක අවම මිල ඔයා දුන්න ගානට අඩු වුණොත් Auto buyවෙනවා.)
Amount - අපි මිලදී ගන්න මුලු Monero coin ප්‍රමාණය.
Fee - මාරු කිරීමේ ගාස්තුව මුලු මුදලින් ප්‍රතිශතයක් විදිහට.
ඊළඟට STOP-LIMIT ගැන පස්සේ කතා කරොත් හොඳයි කියල තම මටනම් හිතෙන්නේ. ඒ ගැන දැනගන්න ඕනේ නම් ඒ ගැනත් මම පොස්ට් එකක් දාන්නම්.
දැන් SELL XMR කියන කොටුවේ,
You have - ඔයා ළඟ තියෙන Monero coin ප්‍රමාණය.
Highest Bid - විකිණිය හැකි උපරිම අගය.
Amount - විකුණන ප්‍රමාණය.
Total - මුලු විකිණුම් මුදල.
Fee - මාරු කිරීමේ ගාස්තුව මුලු මුදලින් ප්‍රතිශතයක් විදිහට.
ඊට පහළින් තියෙන්නේ මේ වෙලාවේ Monero coin විකිණූ සහ මිලදී ගත් ප්‍රමාණයන්.
හරි දැන් අපි Deposit කරන්න යන්නයි හදන්නේ. ඊට කලින් ඔයාට කරන්න දෙයක් තියෙනවා. https://coinmarketcap.com/ මෙන්න මේ site එකට ගිහිල්ල coin market එකේ උඩම ඉන්නේ කවුද, ඒවගේ මිල අඩු වැඩි වුණේ කොහොමද, Volume එක කොච්චරද වගේ දේවල් හොඳට බලන්න. මිලදී ගන්න coin එක තෝරාගන්න ඒක ගොඩක් වැදගත් වෙනවා.
හරි දැන් මොනවහරි කාලා වතුර ටිකක් බීලා එහෙම එන්න. අපි දැන් Deposit කරන්නයි යන්නේ. Site එකේ උඩම ටැබ් එකේ BALANCES කියන එකට ගියාම Drop down menu එකේ තියෙනවා Deposits & Withdrawals කියල එකක්. එකට ගියාම ඔයාලට පේනවා coin වර්ග හැම එකක්ම තියෙනවා. අපි Deposit කරන්නේ Bitcoin වලින් නිසා BTC කියන එකට ගිහිල්ලා Deposit කියන තැන click clickකරන්න. එතකොට මේ වගේ පිටුවක් එයි.

Deposit address කියන එක click කරාම ඔයාලට තියෙන්නේ එකේ තියෙන address එකට ඔයාගේ Bitcoin wallet එකෙන් ඔයා Deposit කරන්න බලාපොරොත්තු වෙන ගාන යවන්න විතරයි.
සැලකිය යුතුයි - ඔයාට අවදානමේ දාන්න පුළුවන් ගානක් විතරක් deposit කරන්න බැංකු loan අරන් එහෙම වැඩේට බැහැල කෙල වුණොත් මම නෑ. :p
Deposit කරලා ටික වෙලාවකට පස්සේ ඔයාගේ poloniex wallet එකට සල්ලි එයි.
දැන් තමා සමස්ත පොස්ට් එකේ ප්‍රධාන වැඩේ කරන්න යන්නේ. දැන් තමයි coin ගන්න යන්නේ. මුලින්ම කියන්න ඕනේ මේකේ එක එක නමින් එක එක coin තියෙනවා ඒ නිසා ගන්න coin එක තෝරාගන්න එක ඉතාම වැදගත්. Ethereum, Ripple, Litecoin, Dash, Monero, Ethereum Classic, Steem, Golem, Stratis, Siacoin, Digibyte මේව ප්‍රසිද්ධ coin වර්ග ටිකක්.
ඊළඟ කාරණේ තමයි ඔයාල ගන්න coin එක තීරණේ කරන්න ඔයාල deposit කරන මුදල, coin අරන් කොච්චර කාලයක් තියාගන්නවද කියන එක වැදගත් වෙනවා.
Market අඩු වැඩි වීම වගේම volume එකත් ගන්න coin එක තෝරාගන්න බලපානවා.

මේ පින්තූරේ බැලුවම පේනවා market එකේ අඩු වැඩි වීම volume එක. හැම වෙලේම market එකේ ගොඩක්ම අඩු වුණ coin එක ගන්න බලන්න. ඒ කියන්නේ රතු පාටින් වැඩි ප්‍රතිශතයක් පේන coin එක. පින්තුරේ විදිහටනම් Ox කියන එක තමයි අඩුම වෙලා තියෙන්නේ ඊළඟට Ripple. Volume එකත් එක්ක බැලුවාම නම් Ox තවත් අඩු වෙන ලකුණක් තමයි තියෙන්නේ. Volume එක 1000 ට අඩුනම් ඒවා buy කරන්න යන්න එපා ඒක ගොඩක් අවදානම්. Ripple වල volume එකත් එක්ක බැලුවම නම් උඩට යන ලකුණක් වගේ තමයි තියෙන්නේ හොඳට මතක තියාගන්න coin එකක් උඩට පහළට යන එක volume එකෙන් විතරක් තීරණේ කරන්න බෑ. එකට charts ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මම මේක සරලව තේරුම් ගන්න ඕනේ නිසයි ඔයාලට කියන්නේ.
හරි දැන් අපි coin එකක් තීරණේ කරා. දැන් අපි Ripple ගන්නයි යන්නේ. මුලින්ම XRP කියන line එකට යන්න. එකට ගියාම මෙන්න එනවා දිලිසි දිලිසි Ripple chart එක.

Buy කරන්න කලින් හොඳට බලන්න 24hr high/low price එක last price එකත් සසඳලා. එතනින් ඔයාලට හොඳට පේනවා last price එක 24hr low price එකට ආසන්න අගයක තියෙන්නේ කියල. එකෙන් තව ටිකක් දුරට අපිට තීරණේ කරන්න පුළුවන් Ripple උඩට යනවා කියල. දැන් එහෙනම් බල බල ඉන්නේ නැතුව buy කරමු.

මේ වෙලාවේ Ripple එකක මිල Bitcoin වලින් 0.00004984ක් වෙනවා ඒ කියන්නේ 0.216$ වලට ආසන්න ගානක්. අපි Ripple 1000ක් ගමු. එතකොට ඔයාගේ මුලු ගාන 0.04984ක් වෙනව Bitcoin වලින් ඒ කියන්නේ ආසන්න වශයෙන් 216$ විතර. හරි දැන් ඉතින් ගත්තට පස්සේ උඩට යනකන් chart එක දිහා බලන් ඉන්න විතරයි තියෙන්නේ. සමහරවිට අනිද්දා වගේ වෙද්දී වැඩි වෙන්න පුළුවන්. අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙලා අඩුවෙන්නත් පුළුවන්. Ripple එකක අගය දෙගුණ වෙන්නත් පුළුවන් ඒ වගේම බාගයක් වෙන්නත් පුළුවන්. අවදානමක් තියෙන නිසා අවධානයෙන් ඉන්න එක ගොඩක් වැදගත්.
හරි අනිද්දා වගේ වෙද්දී Ripple ඒකක අගය Bitcoin වලින් 0.00006000 ගියා කියමුකෝ ඒ කියන්නේ 0.26$ ක්. එතකොට ඔයාගේ Ripple 1000 වටිනාකම 260$ වෙනවා. දැන් ඉතින් ඔයාට ඕනෙනම් SELL ටැබ් එකට ගිහිල්ල Bitcoin වලට මාරු කරගන්නත් පුළුවන් ඕනෙනම් තියාගන්නත් පුළුවන්. නැත්තම් Ripple wallet එකකට withdraw කරගන්නත් පුළුවන්. Sell කරන්න ඕනෙනම් පහළ පින්තුරේ විදිහට ඔයාගේ ගාන දීල sell කරන්න පුළුවන්. ඕනෙනම් buy කරන වෙලාවේම sell කරන ගාන දෙන්නත් පුළුවන් එතකොට Ripple ඒ ගානට ගියොත් auto sell වෙනවා.
Sell කරාට පස්සේ ඔයාට පේනවා ඇති ඔයාගේ ලාභෙ විතරක්ම 44$ක් කියල අනං මනං fees අයින් කරත් ලාභෙ 40$ වත් වෙනවා. ඔයාට ඕනෙනම් ඔයාගේ ලාභෙ විතරක් ඔයාගේ Bitcoin wallet එකට withdraw කරගන්න. එහෙමත් නැත්තම් මුලු ගානම withdarw කරගන්නත් පුළුවන්. නැත්තම් ඒ ඔක්කොගෙන්ම වෙන coin එකක් ගන්නත් පුළුවන්. Withdraw කරන්න ඕනෙනම් Deposits & withdrawals පිටුවට ගිහිල්ල BTC කියන තැන withdraw කියන click කරලා ඔයාට ඕනේ ගාන Bitcoin වලින් දීල ඔයාගේ Bitcoin wallet එකට withdraw කරගන්න.
අවසාන වශයෙන් මම මේ කතා කරේ මූලික දේවල් ඉතාමත් සරලව coin එකක් ඉහළ යන එක volume එක බලල විතරක් තීරණය කරන්න බෑ කියන එක මතක තියාගන්න හැබැයි chart එක ගැන හොඳ අවබෝධයක් තියෙනවනම් ඒක හරියටම කියන්නත් පුළුවන්. එහෙම කියන්න පුළුවන් වුණත් අවදානමක් තියෙනවා කියන එකත් හොඳට මතක තියාගන්න. මේක හරියට කරොත් ඔයාගේ deposit එක දවසෙන් දෙගුණ කරගන්න පුළුවන් එහෙම කරන අය මං දන්න තරමින් ඉන්නවා. මං දන්න කෙනෙක් ඉන්නවා එයා 50$ ඉන්වෙස්ට් කරලා සතියෙන් 1500$ හෙව්වා. තවත් අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ලොකු මුදලක් ඉන්වෙස්ට් කරන්න ඕනෙද කියන එක නෑ එහෙම නෑ 10$ වගේ පුළුවන්නම් හොඳයි. 1$ වුණත් කමක් නෑ මම දන්න කෙනෙක් ඉන්නවා 1$ ඉන්වෙස්ට් කරලා මාසෙකටත් අඩු කාලෙකදී 27$ වලට ගිය කෙනෙක්.
ඔයාල මේක දැනටමත් කරනවා ඇති ඔයාගේ අත්දැකීමත් share කරන්න. පොස්ට් එක හොඳයි නම් නොතේරෙන දෙයක් තියෙනවනම් පහළින් comment එකක් දාන්න. මගේ පොස්ට් එකේ වැරදි ඇති වැරද්දක් තියෙනවනම් කියන්න. ඔයාලගේ යෝජනා චෝදනා ගල් මුල් බොරළු ඔක්කොම පහළින් දාන්න. එහෙනම් හැමෝටම ජය!

0 comments :
Post a Comment