Wednesday, September 6, 2017

අවුරුදු 15 තම පෙම්වතිය විවාහ කරගන්නා බව පවසා බෝඩිමකට අරන් ගිහින් පෙම්වතා කරපු කැත වැඩේ.



අවුරුදු 15ක් වයසැති සිය බාලවයස්කාර පෙම්වතියට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අවුරුදු 18 ක්‌ වයසැති තරුණයකු මොණරාගල පොලිසිය විසින් පසු ගිය 28 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර තරුණයා තම පෙම්වතිය කොළඹ ප්‍රදේශයේ නවාතැන්පොළකට කැඳවාගෙන ගොස්‌ මෙලෙස අතවර සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ. මොණරාගල ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර දැරිය හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18 සැකකාර තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගොස් තිබෙනවා.

සිය පෙම්වතා හමුවීමට බාලවයස්කාර දැරිය මොණරාගලට පැමිණි අවස්‌ථාවේ විවාහ කරගන්නා බවට පොරොන්දු ලබාදෙමින් කොළඹ ප්‍රදේශයේ පිහිටි තරුණයාගේ නවාතැන්පොළට කැඳවාගෙන ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. 

එහිදී දැරිය දුෂණයකර දින කිහිපයකට පසු නැවත  නිවසට එවා ඇති බවට පොලිසිය විසින් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා. මොණරාගල පොලිස්යෙන් කළ විමසීමකදී සඳහන් කළේ සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපහරණ සහ ස්ත්‍රී දුෂණ චෝදනාව යටතේ නඩු පැවරූ බවයි. පසුගිය 30 වනදා මොණරාගල අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ඇප මත මුදාහැර ඇති අතර මේ ලබන 29 වනදා මෙම නඩුව යළි කැඳවීමට නියමිතයි.

0 comments :

Post a Comment