Thursday, August 17, 2017

"ක්‍රිකට් වලට මෙහෙම වුණේ ඇයි?" කපිල විජේගුණවර්ධන කියන ආන්දෝලනාත්මක කතාව.



තේරීම් කමිටුවක ස්වාධීනත්වය විනාශ කිරීම යනු එම ක්‍රීඩාවේ කොඳු නාරටිය කඩා බිඳදැමීමක් වන බව හිටපු තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන පැවසීය .එමෙන්ම එහි භයානක ප්‍රතිවිපාක අද අත්විඳිමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

පුවත්පතක් හා සාකච්ඡාවකට එක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

‘‘මම බීරි අලින්ට  වීණා වයන එක නවත්තලයි තියෙන්නේ ඒත් ඔයා දැන් අහපු නිසා මම කියන්නම්.අපේ කන්ඩායමට අත්වෙලා තියන විනාශය ගැන මම අනතුරු ඇඟව්වේ මීට අවුරුදු එකහමාරකට කලින්.නමුත් කිසි කෙනෙක් ඒ ගැන අවධානය යොමු කළේ නැහැ....

..තේරීම් කමිටුවේ ස්වාධීනත්වය විනාශ කරොත් ක්‍රීඩාවේ කොඳු නාරටිය කැඩෙනවා කියලා මම පැහැදිලිවම පෙන්වලා දීලා තියනවා.නමුත් අද වෙලා තියෙන්නෙත් ඒකමයි.එකේ ප්‍රතිවිපාක තමයි අපි අද භුක්ති විඳින්නේ ‘‘යැයි විජේගුණවර්ධන මහතා පවසයි.

ඉකුත් 2015 අප්‍රේල් මස සිටි තේරිම් කමිටු සභාපති ධූරයට පත්වන කපිල ගුණවර්ධන මහතා මාස 10 පමණ කාලසීමාවකින් පසුව එම ධූරයෙන් ඉවත්කොට අරවින්දද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්  යුතු කමිටුවක් පත් කෙරිණි.පසුව එම තේරීම් සභාපති ධූරය සනත් ජයසූරියට ලබාදීමට පියවර ගැණිනි.

කපිල ගුණවර්ධන මහතාගේ කාලසීමාව තුළ ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩකයින් පස් දෙනෙකු කණ්ඩායමට කැඳවා තිබෙන අතර කණ්ඩායමේ නවතම බලාපොරත්තුව වී සිටින කුසල් මෙන්ඩිස් ද ඒ අතර වෙයි. 

‘‘මේ රටට වෙලා තියන හානිය ගැන කවුරුත් වගකීමක් භාරගන්නේ නෑ කාටවත් කැක්කුමකුත් නැහැ.ඉතිං අපි සාමාණ්‍ය පුරවැසියෝ විදියට මේ ගැන කෑගහලා වැඩක් නෑ ඒකයි මම කලින් කිව්වේ බීරි අලින් වීණා වයලා වැඩක් නැහැ.අපි හිටපු කාලෙදි ගෙනාපු ක්‍රීඩකයෝ නිසා තමයි මෙහෙමෙවත් බේරිලා තියෙන්නේ..‘‘ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

0 comments :

Post a Comment