
Google Play Store එක කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මිලියන ගණනක නිවහන. ඒ වගේම මේ නිවහනට දිනෙන් දින අලුතින් ඇප්ස් එකතුවෙන කොට අපිට මේවගෙන් ගුණාත්මක ඇප්ස් තෝරගන්නිද්දි පොඩි ගැටලුකාරී තත්වයකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මේ ලිපියෙන් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔයාට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් වගේම ගුණාත්මක තත්වයෙන් ඉතාමත්ම ඉහළ හොඳම ඇප්ස් පිළිබඳවයි.
බලන්න ඔයාට ඕන කරන, ඔයා හෙව්ව ඇප් එකත් මෙතන තියෙනවාද කියලා?
Next Lock Screen

Microsoft වල ඇප්ස් Play Store එකේ අපිට ඕන තරම් දකින්න තියෙනවා. නමුත් හොඳම ඇප් එකක් කියලා හොයාගන්න හුඟක් අපහසුයි. Next Lock Screen කියන්නෙ ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට භාවිතා කරන්න පහසු, ඒවගේම දැකුම්කළු ලොක් ස්ක්‍රීනර් එකක්. මේ ලොක් ස්ක්‍රීනර් එකේ විශේෂත්වය තමයි ඔයා කැමතිම ඇප්ස් වල ෂෝට්කට්ස් ලොක් ස්ක්‍රීනර් එකට පහසුවෙන්ම අරගෙන තියාගන්න පුළුවන් වීම.
ඇප් එක පහතින් ඩවුන්ලෝඩ් කරගන්න :
MK Explorer

සමහරක් අන්ඩ්‍රොයිඩ් උපාංග වල file manager පහසුකම නැතිවෙන අවස්ථා තියෙනවා හෝ තියෙන file manager පහසුකම පාවිච්චි කරන්න ඉතාමත් අපහසුයි. අන්න එහෙම නම්, මේ ඇප් එක පාවිච්චි කරලා බලන්න හොඳම අවස්ථාව.
ඇප් එක පහතින් ඩවුන්ලෝඩ් කරගන්න :
මේ ඇප් එකේ තියෙන විශේෂත්වය තමයි සරල බව සහ සාමාන්‍ය file manager වල නැති බොහෝමයක් විශේෂාංග ඇප් එකේ අන්තර්ගත කොට තිබීම.
7 Minute Workout

වැඩ කරන වෙලාවෙන් පොඩ්ඩක් විවේක අරගෙන මිනිත්තු 7ක් ශරීරය සෞඛ්‍ය සම්පන්නව තියාගන්න වැය කළොත් නරක ද? මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නෙ අධික ලෙස වැඩ කරන ඔයාට වෙලාව සීමිත නම් ඒ සීමිත වෙලාව යොදාගෙන ඇප් එකේ කියලා තියෙන විදිහට පහසුවෙන් ව්‍යායාම කරන්න. උත්සහ කරලා බලන්න.
ඇප් එක පහතින් ඩවුන්ලෝඩ් කරගන්න :
Google Now Launcher

ඔයා අලුත් launcher එකකට යන්න තාම හිතුවෙ නැද්ද? ලෝකයේ අන්තර්ජාල ප්‍රභලයා හඳුන්වලා දීලා තියෙන මේ launcher එකේ විශේෂත්වය තමයි අඩු සකස් කිරීම් වලින් කාර්යයක්ෂම ක්‍රියා කිරීමක් තියෙන එක.
ඇප් එක පහතින් ඩවුන්ලෝඩ් කරගන්න :
Piktures

ඔයාගෙම පින්තූර හංගලා තියාගන්න පුළුවන් අටුවක් වගෙයි මේක. ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ built-in gallery app එකට වඩා මේකෙ සෑහෙන පහසුකම් ගොඩක් තියෙනවා. ඕන නම් පින්තූර වලට පින් අංක ඇතුලත් කරලා ඒවා අනිත් අයගෙන් ආරක්ෂා කරන්න පවා පුළුවන් කමක් තියෙනවා.
ඇප් එක පහතින් ඩවුන්ලෝඩ් කරගන්න :
Telegram

ඔයාට ගැලපෙන විදිහේ හොඳ messaging app එකක් ඔයා තාම හොයනවද? එහෙනම් මෙන්න නියම විසඳුම. Telegram කියන්නෙ ඔයාගේ මැසේජ් වල රහස්‍ය භාවය ආරක්ෂා කරන ඉතා උසස් ගණයේ නිර්මාණයක්. මේක පාවිච්චි කරන්න ලෙහෙසියි වගේම advertisements වලින් පවා තොරයි.
ඇප් එක පහතින් ඩවුන්ලෝඩ් කරගන්න :
Spotify

Spotify කියන්නෙ ඔබට නොමිලයේම සේවාව ලබා ගත හැකි music streaming app එකක්. කැමති කැමති ගායකයන්ගේ සිංදු, විවිධ රේඩියෝ වලට අහන්න ඔයාට ඕන වෙලාවක මේ ඇප් එකෙන් පුළුවන්.
ඇප් එක පහතින් ඩවුන්ලෝඩ් කරගන්න :
Dialer + and Contacts +

ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ඇමතුම් සම්බන්ධ විස්තර ගැන ගොඩක් සැළකිලිමත් වෙනවා නම් මේ ඇප් දෙක ඔයාට නිර්දේශිතයි. Gestures, reminders, blacklisting numbers වගේ සෑහෙන පහසුකම් වලින් සමන්විතයි මේ ඇප් එක.
Dialer එක සහ Contact ඇප් එක පහතින් ඩවුන්ලෝඩ් කරගන්න :
Open Camera

ඔයාගේ දැනට තියෙන ඇප් එකට වඩා විශේෂ පහසුකම් වලින් සපිරි photograhpy ඇප් එකක් Open Camera කියලා කියන්න පුළුවන්. උත්සහ කරලා බලන්න.
ඇප් එක පහතින් ඩවුන්ලෝඩ් කරගන්න :
Camera 360

Social media sites වල ෂෙයා කරන්න ෆොටෝ එකක් ගහගන්න හෙඳ ඇප් එකක් හොය හොය ද ඉන්නේ? Camera 360 ඒකට හොඳම විසඳුම වෙයි. හේතුව තමයි, මේ ඇප් එකේ විවිධ filters ගණනාවක් සහ විවිධ camera modes ගණනාවකගෙන් සමන්විත වෙනවා. ඔයා ගන්න ෆොටෝ එක ලස්සන edit කරන්න මේ ඇප් එකට පුළුවන් වේවි.
ඇප් එක පහතින් ඩවුන්ලෝඩ් කරගන්න :
Photoshop Mix

ඔයාගෙ ෆොටෝ එකක් ටිකක් සංකීර්ණ විදිහට එඩිට් කර ගන්න ඕන ද? Photoshop Mix ඔයාට මේ සේවය නොමිලේම සලසලා දේවි. අපි පරිගණක වලදි පාවිච්චි කරන Photoshop මෘදුකාංගයේදි වගේ layers මත ඉතා සංකීර්ණ ෆොටෝ එඩිට් කිරීමක් කරගන්න පුළුවන්. මේ ඇප් එකත් උත්සහා කරලා බලන්න.
ඇප් එක පහතින් ඩවුන්ලෝඩ් කරගන්න :
Cozi

Cozi කියන්නෙ අපේ සිහිකැඳවීම්, කැලැන්ඩර, ලැයිස්තු වගේ හැම දෙයක්ම එකම ඇප් එකක අන්තර්ගත කරලා තියෙන ඇප් එකක්. ඉතාමත්ම වැදගත් වෙන මේ ඇප් එක පාවිච්චි කරන්නත් හරිම පහසුයි.
ඇප් එක පහතින් ඩවුන්ලෝඩ් කරගන්න :
Avast Mobile Security & Antivirus

Avast Mobile Security & Antivirus ඇප් එක ඔයාට නොමිලේම ගන්න පුළුවන් වගේම තිබිය යුතු සියළුම ගුණාංග වලින් සපිරි antivirus එකක්.
ඇප් එක පහතින් ඩවුන්ලෝඩ් කරගන්න :
1Password

සමහරක් වෙලාවට ඔයා පාවිච්චි කරන පාස්වර්ඩ්ස් ඔයාටවත් මතක නැති වෙන අවස්ථාවන් තියෙනවා. නමුත් ඒ හැම පාස්වර්ඩ් එකක්ම මතක් කරල දෙන කෙනෙක් හිටියොත් වැඩේ තවත් ලේසි වේවි. 1Password කියන්නෙ ඔයාට මතක හිටින්නෙ නැති, සංකීර්ණ පාස්වර්ඩ් ආරක්ෂාකාරීව තියාගෙන ඉඳලා, ඔයාට මතක වෙලාවක මතක් කරලා දෙන ඇප් එකක්. මේකත් උත්සහා කරලා බලන්න.
ඇප් එක පහතින් ඩවුන්ලෝඩ් කරගන්න :



0 comments :
Post a Comment