
මේ දවස් වල ජාත්‍යන්තර මාධ්‍ය වරින් වර ප්‍රචාරණය කරන විශේෂ පුවතක් තමයි මේ වසරේ (2017) සැප්තැම්බර් 23 වන දා සිදුවනවායි කියන ලෝක විනාශයේ සිදුවීම. ලෝකයේ විවිධ තැන් වලදී ඇති වන මතවාදයක් තමයි හඳුනා නොගත් ග්‍රහයක් ඉහත කී දිනයේදී පෘථිවිය හා ගැටී ලෝක විනාශය සිදුවෙන්නට ඇති බවත් සහ, මේ ළඟදී සිදුවන්නට නියමිත පූර්ණ සූර්යයග්‍රහණය එම ලෝක විනාශයේ පෙරනිමිති පළ කිරීමත් සිදු කරන බව.
විශේෂයෙන්ම මෙම මතවාදය ඉදිරිපත් කරන්නේ 'Planet X – The 2017 Arrival' නම් විද්‍යා ප්‍රබන්ධ ග්‍රන්ථයේ කතෘෘ වන ඩේවිඩ් මේඩි (David Meade) යන තැනැත්තා විසින්. ඔහු පවසන අන්දමට එදින අප පෘථිවියේ ගැටෙන්නට නියමිතව ඇත්තේ 'නිබුරු' නමින් හඳුන්වන ග්‍රහයකු බවයි.
කෙසේ වුවත් විද්‍යාඥයින් මෙම මතය බැහැර බවත්, එසේ හඳුනානොගත් ග්‍රහයකු කිසිසේත්ම සිටිය නොහැකි බවත් තමයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන්නේ. නමුත් මේඩි විද්‍යාඥයින්ගේ මතවාද වලට එදිරිව යමින් ශුද්ධ වූ බයිබලයේ ඇති නොයෙකුත් සටහන් ද ගෙනහැර දක්වන්නේ ලෝක විනාශ සිදුවීම 100%ක්ම සත්‍ය වන බවට තහවුරු කරමින්. මේඩි විසින් මෙම ලෝක විනාශ සිදුවීම සිදුවන බවට අනාවැකි පල කර ඇත්තේ ඔක්තෝම්බර් මාසයේදී බවත්, නමුත්, ඔහු තම අනාවැකිය ඊට තවත් සති ගණනකට පෙර (එනම් සැප්තැම්බරයේ 23 වන දින) අනිවාර්යයයෙන්ම සිදුවන බවටත් කියා සිටිනවා.
කලින් සඳහන් කළ පූර්ණ සූර්යයග්‍රහණය මේ මස 21 වන දින සිදුවීමට නියමිතයි. එදින ඇමරිකාවේ ප්‍රාන්ත ගණනාවක් අන්ධකාරයෙන් වැසී යන බව බොහෝ විද්‍යාඥයින් පවසනවා. මතවාදයට අනුව මෙම පූර්ණ සූර්යයග්‍රහණය කළින් සඳහන් කළ ග්‍රහයේ (නිබුරු) පැමිණීම සනිටුහන් කිරීමයි.
මතවාදය මොකක්ද?
මේඩිගේ මෙම මතවාදයට සාක්ෂි තිබෙන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක්. ඔහු ඇතුළු තමත් එම මතවාදය දරන්නන් පිරිසක් බයිබලයේ පරිච්ඡේදයක් උපුටා ගනිමින් පවසන්නේ එළඹෙන පූර්ණ සූර්යයග්‍රහණය මෙම ග්‍රහයේ ගැටීම සඳහා පෙරනිමිති පහල කරන බවයි.
ඔහු තවදුරටත් පවසන්නේ: පූර්ණ සූර්යයග්‍රහණයෙන් පසුව දින 33 කට පසු (එනම් සැප්තැම්බර් 23 වන දින) ලෝක විනාශයට පෙර, Book of Revelation නැමැති ආගමික කෘතියේ සඳහන් වන පරිද්දෙන් පෘථිවිය සමඟ තාරකා කිහිපයක් එක එල්ලයේ ස්ථානගත වෙයි. එදින කන්‍යාවියකගේ පාදයක් මත චන්ද්‍රයා පායා එයි. එම කන්‍යාවියගේ හිස මත තාරකා 12ක් දක්නට ලැබෙන අතර එම තාරකා පිළිවෙලින් සිංහ රාශියේ තාරකා නවයත්, බුද ග්‍රහයාත්, සිකුරු හා අඟහරු ග්‍රහයාත් වෙයි. මෙම කන්‍යාවිය බුධ ග්‍රහයාට උපත ලබා දෙන මොහොත අප සියළුදෙනාගේම අවසානය සනිටුහන් කරන මොහොතයි.
විද්‍යාඥයින්ගේ අදහස කුමක් ද?
2012 දී සිදුවන්නට තිබුණු ලෝක විනාශයට පිළිතුරු පළ කලත්, මෙඩී පවසන මේ ලෝක විනාශ සිදුවීමට නාසා ආයතනය තවම කිසිදු පිළිතුරක් දක්වා නැත. නමුත් ඔවුන්ගේ වෙබ් අඩවියේ සටහනක ඔවුන් මෙසේ සඳහන් කොට තිබුණි:" 'නිබුරු' සහ ඊට අදාල ලෝක විනාශ කතාන්දර අන්තර්ජාලයේ පවතින මනස්ගාත පමණකි. එසේ පෘථිවිය හා ගැටෙන්නට යන ග්‍රහයෙක් පැමිණෙනවා නම් අපගේ තාරකා විද්‍යාඥයින් එම ග්‍රහයේ ගමන් පථය පිලිබඳව පසුගිය අවුරුදු 10ක පමණ කාලය තුලදී ගවේෂණයේ යෙදෙනවා. ඇරත්, මේ වන විට පියවි ඇසට පවා එම ග්‍රහයා දැකගන්නට ලැබෙන්න ඕන. නමුත් එවැනි දෙයක් කවදාවත් සිදුව නෑ. එම ග්‍රහයා මිථ්‍යාවක්." ඔවුන් තවදුරටත් පවසන්නේ තවත් වසර සියයක්වත් යන කල් කිසිදු දෙයක් පෘථිවියේ ගැටෙන්නට ඉඩ නොමැති බවයි.
0 comments :
Post a Comment