Thursday, September 14, 2017

අකිලගේ පෙම්වතියගේ ගෙදරටම ගිහින් සප්‍රයිස් කරපු හැටි - ඡායාරූප



අකිල ධනුද්දර නිවේදනයෙන් මෙන්ම රංගනයෙන්ද කලාවට පිවිසි යොවුන් තරුවක්, ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ පුතු ලෙස ක්ෂේත්‍රයට පැමිනි අකිල මේ වනවිටත් ක්ෂේත්‍රයේ තමන්ගේම අන්‍යයතාවයක් ගොඩ නගා අවසන්. අකිලගේ පෙම්වතියගේ උපන් දිනය පසුගියදා යෙදී තිබුණා. එමී නැමැති ඇයගේ උපන් දිනයදා ඇයගේ නිවසටම ගොස් ඇයව පුදුමයට පත් කිරීමටත් අකිල කටයුතු කරලා තිබුනා,

සිදුවීමට අදාළ ඡායාරූප පහතින්










මොකද්ද මේ මරණීය ක්‍රීඩාවේ ඇත්ත නැත්ත! - දැනට මරණ 150 ඉක්මවයි.



මේ දිනවල ලොව පුරා කථාබහට ලක්ව ඇති ‘බ්ලු වේල්‘ (Blue whale) නමැති අන්තර්ජාල ක්‍රීඩාව හරහා මේ වනවිට පුද්ගල මරණ 150ක් පමණ වාර්තා වී ඇත. එම ක්‍රීඩාවට සහභාගීවන පුද්ගලයන් අවසානයේ සියදිවි හානි කරගැනීමේ තත්ත්වයට පොළඹවන ආකාරයෙන් මෙම ක්‍රීඩාව නිර්මාණය කර තිබීම ඊට හේතුවයි.

2013 වසරේ රුසියාවේ 'Vkontakte' නමැති සමාජ වෙබ් අඩවිය මගින් රහස් කණ්ඩායමක් (Group) ලෙස ක්‍රියාත්මක වූ  'F57' හරහා මෙය අන්තර්ජාල ක්‍රීඩාවක් (online game) ලෙස ඇරැඹිණි.

ශ්‍රී ලංකාව ඇතුළු බොහොමයක් රටවල ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වන්නේ ෆේස්බුක් වුවද රුසියාවේ ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය වන්නේ 'Vkontakte' වෙබ් අඩවියයි. මෙය දැනට ලොව දෙවැනියට වැඩිම පරිශීලකයින් ගණනක් සිටින සමාජ වෙබ් ජාලාව ලෙසද සැලකේ.

බාගත කරගැනීමේ හැකියාවක් හෝ මෘදුකාංගයක් ලෙස ලබාගැනීමේ හැකියාවක් නැති මෙම ක්‍රීඩාව අන්තර්ජාල රහස් කණ්ඩායම මඟින් සමාජ ජාල වෙබ් අඩවිවලට ඇතුළු වීමෙන් සිදුකරනු ලබන්නකි. උදාහරණයක් ලෙස මෑතකදී ජනප්‍රිය වූ අයිස් බකට් අභියෝගය (Ice bucket challenge) , Harlem shake වැනි සමාජ වෙබ් අඩවි සංසිද්ධියක් ලෙස මෙය හඳුන්වනු ලබයි.

පිලිප් බුඩෙයිකින් (Philipp Budeikin) නම් මනෝ විද්‍යාව හැදෑරූ විශ්ව විද්‍යාලයෙන් නෙරපන ලද සිසුවකු විසින් මෙම මාරක ක්‍රීඩාව හඳුන්වා දී ඇති අතර එය මේ වනවිට ලොව පුරා මරණ 150කට පමණ දායක වී ඇතැයි වාර්තාවේ. මෙම ක්‍රීඩාවෙදි එක් එක් තරගකරුවාට දින 50ක් ඇතුළත සම්පූර්ණ කළ යුතු රාජකාරි 50ක් පවරනු ලබන අතර ඒවා නිරීක්ෂණය කිරීමට නිරීක්ෂකයකු ද වෙන්කර ඇත.

ක්‍රීඩාවේ යෙදෙන්නා සෑම පවරන ලද කාර්යයක් අවසානයේම ඒවා කළ බවට තහවුරු කළ හැකි ඡායාරූපයක් අන්තර්ජාලයට ඇතුළත් කළ යුතුය. ආරම්භයේ දී ඉතා සරල පහසු කාර්ය වලින් පටන් ගන්නා මෙම ක්‍රීඩාව ක්‍රමයෙන් අභියෝගාත්මක වන අතර එහිදී තමාට අදාළ කාර්යය සම්පූර්ණ කරගත නොහැකි වුවහොත් බ්ලූ වේල් ලාංඡනය තම අතේ බාහුවක ලේ වලින් කොටා ගැනීම කළ යුතුය. හොල්මන් චිත්‍රපටයක් නැරඹීම, අවේලාවන්හි අවදි වීම වැනි කුඩා ක්‍රියාකාරකම්වලින් ඇරඹී ඉන් පසුව පාලමක් උඩ ඔළුවෙන් හිට ගැනීම, ඉඳි කටුවක් කෙලින් තබා ඒ මත හිට ගැනීම වැනි ක්‍රියාකාරකම් ඔස්සේ තමන්ටම හිංසා කරගැනීමට පෙළඹවීම ද මෙමගින් සිදුකෙරේ. තමන්ගේම ලේ සොලවා ගැනීම දක්වා දිවෙන මෙම ඔන්ලයින් ක්‍රීඩාවේ අවසාන අභියෝගය වන්නේ සිය දිවි හානි කරගැනීමේ අභියෝගයයි. ක්‍රීඩාව සඳහා තෝරාගනු ලබන්නේ ද මානසිකව දුර්වල පිරිස් වීම විශේෂයකි. මෙය සමාජ මාධ්‍ය ජාල හරහා ක්‍රියාත්මක වන බැවින් ඕනෑම අයකුගේ පෞද්ගලික විස්තර සොයා ගැනීම ඔවුනට ඉතා පහසුය. ඒ අනුව මනසින් දුර්වල ක්‍රීඩාවේදී පාලකයාට අවශ්‍ය පරිදි හැසිරෙන ඕනෑම දේකට පහසුවෙන් අවනත වන්නන් මේ සඳහා යොදා ගැනීම සිදුකෙරේ.

අභියෝගවලට කැමැති නව යොවුන් වියේ තරුණ තරුණියන් අභියෝග 49ක් ජයගෙන සිටින මානසික මට්ටම අනුව ක්‍රමයෙන් තමා මරණය වෙත ගෙනයන බ්ලූ වේල් නිරීක්ෂකයාට අවනත වීම සිදුවෙයි.

රුසියාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වු  මේ මාරක ක්‍රීඩාව නිසා එහි නිර්මාණකරු ලෙස සලකන පිලිප් බුඩෙයිකින් අත්ඩංගුවට ගත් අතර ඔහුට වසර තුනක සිර දඬුවම් නියම කිරීමට එරට අධිකරණය නියෝග කළේය. අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ඔහු කියා සිටියේ තමා කරනුයේ සමාජ සත්කාරයක් බවයි. ජීව විද්‍යාත්මකව සමාජයට වැඩක් නැති ජීවින්  ලොවින් තුරන් කර ලොව වැඩක් ඇති තැනක් කිරීමට උත්සාහ කරන බව ඔහු කියා තිබේ. මෙම නවතම ක්‍රීඩාව නිසා රුසියාවේ නව නීති පවා සම්පාදනය වු අතර වර්තමානය වන විට මෙහි අලුත්ම ගොදුර බවට පත්වී ඇත්තේ අප අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාවේ තැනින් තැන වාර්තා වූ සිය දිවි නසා ගැනීම්වල ශීඝ්‍ර වර්ධනයක් පසුගිය සමයේ සිදුවී ඇති අතර එයින් වැඩි පිරිසක් යෞවනයන් වන බවත් ඔවුන් අන්තර්ජාලයට ඇබ්බැහි වී සිටින සමාජ ආශ්‍රය ඉතාම අඩු පිරිසක් බවත් අනාවරණය වී ඇත.

පහුගිය දා තමිල්නාඩුවේ 19 හැවිරිදි විග්නේෂ් නමැති තරුණයා සිය මදුරෙයි නිවසේ සිවිලිමේ එල්ලී මිය ගොස් සිටි අතර ඔහුගේ මේසය මත තිබී ලියුමක් සොයාගැනුණු අතර එහි සඳහන්ව තිබී ඇත්තේ " You can enter it. But you can not exit the game" යනුවෙනි. ඔහුගේ එක් අතක නිල් තල්මසකුගේ රුවක් කොටා තිබූ අතර ඔහු මාරක Blue whale ඔන්ලයින් ක්‍රීඩාවේ අවසන් අදියරේ සිටි අයෙකු බවට ඉන්දීය තොරතුරු තාක්ෂණ ආයතනය පවසයි.

ඉන්දීය බුද්ධි අංශ මෙන්ම තොරතුරු තාක්ෂණ විශේෂඥයන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් මේ වනවිට යොමු කර ඇති අතර රජය විසින් සියලු ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සැකසුම්කරුවන් වන ගූගල්, ෆේස්බුක්, වට්ස්ඇප්, යාහූ, මයික්‍රොසොෆ්ට්, ඉන්ස්ටර්ග්‍රෑම් ආදී සමාජ ජාලවලට බ්ලූ වේල් ක්‍රීඩාවට අවතීර්ණ විය හැකි කිසිඳු සබැඳියක්  ලබාගත නොහැකිවන ආකාරයට සිය සැකසුම්වල ආරක්ෂිත බව තහවුරු කරගන්නා ලෙස ද දැනුම් දී ඇත.

ඉතා නිර්මාණශීලි ආකාරයේ ඉදිරිපත් කිරීමක් සමඟින් නව යෞවන යෞවනියන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ අභියෝග බාර ගැනීමට ඇති කැමැත්ත ඉලක්කකර මේ ක්‍රීඩාව  සකසා ඇති බවත් කියති. මෙහිදී සමාජයට පාඩමක් ඉගැන්වීම සඳහා අවසානයේ තමන් සියදිවි නසාගන්නා බව සඳහන් කරමින් දිවි තොර කරගන්නා අයුරුද අන්තර්ජාලයට එක් කරමින් ක්‍රීඩකයා මිය යාමට පොළඹවන බව වාර්තා වේ.

මේ වන විට ඉන්දියාවේ බ්ලුවේල් වසංගතය සම්බන්ධයෙන් වන චිත්‍රපටයක් ද එළිදැක්වීමට නියමිත අතර එයට රන්වීර් කපූර්, ප්‍රීත්විරාජ් මෙන්ම කමල් හසන්ද රංගනයෙන් දායක වෙති.

මෙවැනි ක්‍රීඩාවකට මානසික ශක්තිය අඩු පිරිස් යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බැවින් මවුපියන් ඇතුළු වැඩිහිටි පිරිස් මේ සම්බන්ධයෙන් දැනුම්වත්ව සිටීම ඉතා වැදගත් බව මනෝ විශේෂඥවරු පෙන්වා දෙති.

මෙම ක්‍රීඩාවට සම්බන්ධ කිසිදු තොරතුරක් හෝ ඊට සම්බන්ධවූවකු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඇතුළත තොරතුරක් මෙතෙක් ලැබී නැති බවත් එවැන්නක් සම්බන්ධයෙන් දැනුම්වත්වීමක් මෙතෙක් සිදුකර නැති බවත් අන්තර්ජාලයේ පමණක් මෙවැනි තොරතුරක් සංසරණය වන බැවින් ශ්‍රී ලංකාව තුළ විශේෂිත ආරක්ෂිත පියවරක් ගෙන නැති බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.

දෙවෙනි ඉනිමේ අලුත්ම කෙල්ල - චූටි මැණිකේ (ඡායාරූප සහිතයි)



දැන් හැමෝම කතා වෙන්නේ කවුද මේ දෙවෙනි ඉනිමට අලුතින් ආපු ලිහිණි එහෙමත් නැත්නම් චූටි මැණිකේ කවුද කියලා.මේ චූටි මැණිකේගේ ඇත්ත නම 'ශලිනි ප්‍රනාන්දු'.

ඇය මේ අවුරුද්දේ දෙරණ අවුරුදු කුමාරි තරගයෙන් ජයගත්ත රූමතියයි..ඇයගේ වයස අවුරුදු 18යි..මේ ශලිනි ඉන්නේ මීගමුවේ. එයා තව කරන්නේ මොනාද පෙම්වතෙක් ඉන්නවද කියන්න අපි දන්නේ නෑ. දන්නවා නම් අපිටත් කියන්න අපි දන්න ටික තමා ඔය කිව්වේ.

එයාගෙ පින්තූර ටික පහලින් බලන්න:














දෙවැනි ඉනිමේ සොනාලි ටීචර්ගේ ජීවිතය ගොඩගියේ වැදුණු මිස් කෝල් එකකින් ලු.



හිමායා බණ්ඩාර කියන්නේ පුංචි තිරයට අලූත් මුහුණක් නෙමෙයි. ඇය රංගන ශිල්පිනියක් ලෙස කලා නිර්මාණ බොහොමයකට දායක වුණත් පසුගිය කාල සීමාව තුළ ඇය රංගන කටයුතු වලින් දකින්නට ලැබුණේ නැහැ. කාලෙකට පස්සේ දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය ඔස්සේ නැවත කරලියට එන හිමායා සෙනාලි ටීචර් හරහා මේ දිනවල පේ‍්‍රක්ෂක කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වෙලා. මේ ඇය පුවත්පතක් හමුවේ දැක්වූ අදහස් කිහිපයක්.

හිමායා පසුගිය කාලේ නමත් වෙනස් කළා කියලා ආරංචියි?
ඇත්තටම මගේ සම්පූර්ණ නම අංජලී හිමායා බණ්ඩාර ක්ෂේත‍්‍රයට ආ මුල්කාලේ ගොඩක් අය මට කතා කළේ අංජු කියලා. ඒත් මට කාලයක් යද්දී හිතුණා අංජු කියන නමත් එක්ක අනන්‍යතාවක් හදාගන්න අමාරුයි කියලා. පසුකාලීනව අංජලී කපාහැරලා හිමායා බණ්ඩාර කියලා නම භාවිතා කරනවා.

ඔබ මුලින්ම ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ නිවේදනයෙන් ද?
නැහැ. මම මුලින්ම ක්ෂේත‍්‍රයට එන්නේ රංගන ශිල්පිනියක් විදිහට. පසුව නිවේදිකාවක් විදිහට වැඩ කළා.

එතකොට ඔබ නිරූපණ ක්ෂේත‍්‍රයේ නිරූපිකාවක් විදිහටත් වැඩ කළා නේද?
ඇත්තටම මම නිරූපිකාවක් නෙමෙයි හැබැයි නිරුපණ ක්‍ෂේත‍්‍රය ගැන ඉගෙන ගෙන තියෙනවා. පත්තරවල සඟරාවල පින්තූරවල හිටියට මම නිරූපිකාවක් නෙමෙයි. මොඩ්ලින් කියන්නේ හොඳ රූපයක් වගේම දක්‍ෂතාවයෙන් දැනුමෙන් ඉදිරියට යන්න ඕන ක්ෂේත‍්‍රයක්.

ඒ කියන්නේ ඔබට ඒ සුදුසුකම් නැහැ කියලද?
රූපය දැනුම දක්ෂතාව තිබුණට මදි නිරූපණයට උස තියෙන්න ඕන. මම ඇත්තටම උස අඩු කෙනක්. ඒ නිසා නිරූපණය මට ගැළපෙන්නේ නැහැ. ඒත් මට මනාලියන් නිරූපණයට ඇඳුම් නිරූපනයට දායකත්වය ලබා දෙනවා.

හිමායාට මුලින්ම රංගන ක්ෂේත‍්‍රයට එන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
ඇත්තටම ඒක හරිම අහඹු සිදුවීමක්. ගිහාන් රෝහණ අයියගේ වැරදුණු දුරකථන ඇමතුම තමයි මට රංගන ශිල්පිනියක් වෙන්න අවස්ථාව ගෙනල්ලා දුන්නේ. මම මුලින්ම දායකවුණේ ගිහාන් රෝහණගේ ‘‘හිම කදුළු’’ කියන ටෙලි නාට්‍යයට ගිහාන් අයියා වෙන නිළියකට කතා කරන්න ගිය කෝල් එක ආවේ මට. ඒ වෙලාවේ ගිහාන් අයියා කිව්වා අලූත් ටෙලි නාට්‍යයක රඟපාන්න කෙනෙක් හොයනවා කැමති නම් ස්ක‍්‍රීන් ටෙස්ට් එකට එන්න කියලා මම ගියාම මාව තෝරාගත්තා.

කුඩා කාලේ ඉඳලා රංගන ශිල්පිනියක් වෙන්න අරමුණක් තිබුණාද?
අනේ නැහැ. මට පොඩි කාලේ කවුරු වෙනවද කියලා නිශ්චිත අරමුණක් තිබුණේම නැහැ. හැබැයි කලාව පැත්තට ලොකු නැඹුරුවක් නම් තිබුණා. ඔබ නිළියක් විදිහට රංගන කටයුතුවලට දායක වුණත් හිමායාට නොසිතු විලස කතාබහට ලක්වුණේ දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය හරහා.

දෙවැනි ඉනිමේ සෙනාලි ගැන කතා කරොත්?
දෙවැනි ඉනිමේ සොනාලි ටීචර්ව සොයාගන්න අධ්‍යෂකවරයා සෑහෙන නිළියන් පිරිසක් තිර පරීක්ෂණයට කැඳවලා තිබුණා. මම දන්නේ නැහැ. හිමායා සොනාලි කියන චරිතයට කොයිතරම් දුරට ගැළපුණාද කියලා. ඒත් එදා තිර පරික්ෂණයෙන් සොනාලි ටීචර් වෙන්න මට අවස්ථාව ලැබුණා. එහි අධ්‍යක්‍ෂ සාරංග මෙන්ඩිස් දෙරණ සභාපති ලක්සිරි වික‍්‍රමගේ සමන් එදිරිමුණි ඇතුළු දෙවැනි ඉනිම කණ්ඩායමේ සියලූම දෙනා සොනාලි ටීචර්ව ගොඩ නගාගන්න මට ලොකු සහයෝගයක් දුන්නා. ලැබෙන ප‍්‍රතිචාර එක්ක මට හිතෙනව මිනිසුන්ට දැනෙන්න මම සොනාලිව ජීවත් කරවනවා කියලා. අද සොනාලි ටීචර්ට සමාජ වෙබ් අඩවිවල ලැබෙන ප‍්‍රතිචාර දැක්කම නිහතමානි සතුටක් දැනෙනවා.

සොනාලිගේ චරිතයට මේ තරම්ම ඉහළ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයක් ලැබේවි කියලා හිතුනද?
කවදාවත් හිතුවේ නැහැ. මීට පෙර යම්තාක් දුරට ජනප‍්‍රිය ටෙලි නාට්‍යවල මම රඟපාල තියෙනවා ප‍්‍රධාන චරිතත් කරලා තියෙනවා. ඒත් හිමායට වාසනාව ගෙනාවේ සොනාලි කියන චරිතය. ෂුටින් ගිය පළමු දවසේ මම එෆ්බී එකට ෆොටෝ එකක් අප්ලෝඞ් කළා. ඒ ෆොටෝ එක මම හිතපු නැති දුරකට ගියා. සොනාලි චරිතය ගොඩක් ජනප‍්‍රිය වේවි කියලා එදා මට හිතුණා.

ඒත් දෙවැනි ඉනිම සොනාලිගේ චරිතය හිමායට ලැබුණේ දෙවැනි ඉනිම අධ්‍යක්‍ෂක සාරංගගේ බිරිඳගේ හොඳම යෙහෙළිය නිසා කියන කතාව ඇත්තද?
අනේ නැහැ. මාව ඒ චරිතයට තෝරාගත්තේ තිර පරීක්ෂණයකින්. සාරංගගේ බිරිඳ මගේ හොඳම යෙහෙළිය බව ඇත්ත. ඇය තමයි මෙහි නිශ්පාදකවරිය මම ඔවුන්ගේ පවුලේ ළඟම හිතවතියක්. ඒත් මාව චරිතයට ගත්තේ ඒ හිතවත්කම්වලට නෙවෙයි.

සමාජජාලා වෙබ් අඩවිවල සොනාලි ටීචර් හරිම ජනප‍්‍රියයි නේද?
ඔව් හොඳ නරක දෙකම ඇතුළේ සොනාලි ගොඩක් ජනප‍්‍රියයි. ගුරුවරියකගේ චරිතයක් නිසා චරිතය ගෞරවාන්විතව කරන්න මම මහන්සිවෙනවා. ඒ වගේම චරිතයට හානියක් වේවි කියලා පෞද්ගලික ජීවිතේ වුණත් මම සමහර තැන්වලදී පරිස්සම් වෙනවා. ඇඳුමක් ඇන්දත් මම දෙපාරක් හිතනවා. මේ ඇඳුමට සොනාලි චරිතයට අගෞරවයක් වේවිද කියලා. එච්චරට මම සොනාලිට ආදරේ කරනවා. ඒක නිහතමානීව අත්විඳිනවා. හැබැයි මම කරුණාවෙන් ඉල්ලනවා. හිමායව සොනිලිගේ මට්ටමෙන් මනින්න එපා. පෞද්ගලික ජීවිතේ මම හිමායා ඒ හින්දා මාවයි සොනාලි කියන චරිතයයි සංසන්දනය කරන්න එපා.

දැන් හිමායා නිවේදන කටයුතුවලින් ඈත් වෙලාද?
මම 2012 ඉදලා නිවේදිකාවක් විදිහට සම්බන්ධ වුණා. පසුගිය කාලේ රංගනයට වඩා පේ‍්‍රක්ෂකයා මාව දැක්කේ නිවේදිකාවක් විදිහට. නිවේදනය මගේ දැනුම පෝෂණය කළා. ඒත් මම වඩාත් ප‍්‍රිය කරන්නේ හිමායා ඇතුලේ ඉන්න රංගන ශිල්පිණියට.

ඇයි නිවේදන කටයුතු නතර කළේ?
ඇත්තටම මම නිවේදන කටයුතු නතර කළේ නැහැ. මම කොහොමත් වැඩ කළේ නිදහස් නිවේදිකාවක් විදිහට. නැවත මාධ්‍ය ආයතනයකින් ආරාධනාවක් ලැබුණොත් මම නිවේදනය වෘත්තියට එනවා.

මේ දවස්වල මොනවද අලූත් වැඩ?
දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය එක්ක තමයි ලොකු කාලයක් ගෙවෙන්නේ. තව මම දායක වුණ චිත‍්‍රපටයක් ඉදිරියේදි තිරගත වීමට නියමිතයි. පෞද්ගලික ජීවිතෙත් මේ දවස්වල තරමක් කාර්යබහුලයි.

Sunday, September 10, 2017

එහෙට මම ප්‍රසිද්ධ දන්න කියන චරිතයක් නොවේ – උදාරි වර්ණකුලසූරිය.




උදාරි වර්ණකුලසූරිය කියන්නේ දක්ෂ රංගන ශිල්පිණියක්. ඇය ඇගේ අලුත් තොරතුරු ගැන පුවත්පතක් හමුවේ කියා තිබුණා. මේ එම සාකච්ඡාවයි.

උදාරි මොකද මේ හිටපු ගමන් ලංකාවේ නෑ… හිටපු ගමන් ලංකාවේ?
ඒක ඉතින් සුජිත් ඉන්නේ සිංගප්පූරුවේ නිසා තමයි. ඒ නිසා හැම වෙලේම එක්කෝ එයා ලංකාවට එනවා. එහෙම නැත්නම් මායි චූටි දුවයි සිංගප්පූරුවට යනවා. ඉතින් ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ දුවට එහේ ඉස්කෝලේ දාන්න ඕනේ කියලා දුවයි මමයි එහාට ගියා. හැබැයි එහේ අවුරුදු හතෙන් පස්සේ තමයි උගන්නන්නේ. ඒ වෙනකන් ඉස්කෝලේ Daycare. ඉතින් මමයි සුජිතුයි තීරණය කළා දුවව මූලික අධ්‍යාපනයට ලංකාවේ දාන්න ඕනේ කියලා. ඒ නිසා අපි ආයෙමත් ලංකාවට ආවා.

ඒ කියන්නේ දැන් දුව ඉගෙන ගන්නේ ලංකාවේ?
ඔව්… එයා දැන් ඉගෙන ගන්නේ ලංකාවේ

හුඟ කාලයකට පස්සේ පිනි ටෙලි නාට්‍යයේ උදාරි ආයෙත් රඟපානවා. කොහොමද පිනි ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුණාම හිතුණේ?
පිනි නාට්‍යයට මට ශාන්ත සොයිසා මහත්තයා කතා කළාම මම හරිම කැමැත්තෙන් ඒක බාර ගත්තා. මම හරිම කැමති තිර රචකයෙක් තමයි මහේෂ් රත්සර මද්දුමආරච්චි කියන්නේ. ඉතින් ශාන්ත අයියා කතා කළාම මට ලොකු භාග්‍යයක් වුණා ඔහුගේ ටෙලි නට්‍යක රඟපාන්න ලැබීමත්. ඒ නිසා මම දෙපාරක් හිතන්නේ නැතිවම එක පාරටම පිනි නාට්‍යයට කැමැත්ත දුන්නා.

මේ දවස්වල සුජිතුත් ලංකාවට ඇවිත්ද?
ඔව්.. සුජිත් ලංකාවට ආවා. විශේෂයෙන්ම චූටි දුවගේ ඉස්කෝලේ වැඩවලටත් එක්කම තමයි එයි මේ පාර ආවේ. කොහොමටත් සුජිත් මේ දවස්වල හැම සිකුරාදාවකම ලංකාවට එනවා. ආයේ ඉරිදා යනවා. සුජිත්ගේ විභාග කටයුතු ඉවර වුණා. ඒ නිසා ටිකක් මේ දවස්වල නිවාඩු තියෙනවා. ඒ නිසා මේ සැරේ සති දෙකක් එක දිගට එයා නිවාඩු අරගෙන ලංකාවේ නතර වුණා.

උදාරි කොහොමද සිංගප්පූරුවේ ගත කරන ජීවිතේ?
ඒ ජීවිතේ හරිම සරලයි. එහේදී තවත් එක සාමාන්‍ය මනුස්සයෙක් විතරයි. එහෙට මම ප්‍රසිද්ධ දන්න කියන චරිතයක් නොවේ. එහේදී මම තවත් එක මවක්, බිරියක් විතරයි. එහේ පරිසරය වුණත් හොඳයි. එහේ ඉන්න කාලෙදී හරිම විවේකීව ගතකළා.

ඔයාගෙ වැඩවලට දරුවගේ වැඩවලට සුජිත්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම සුජිත්ගේ ඉස්සර තිබුණ කාර්යබහුල ජීවිතය ඔහු ටිකක් මේ වෙද්දී අඩුකරලයි තියෙන්නේ. සුජිත් හැමවෙලේම මූලිකත්වය දෙන්නේ මටයි දුවටයි තමයි. කොච්චර කාර්යබහුල ශල්‍ය වෛද්‍යවරයෙක් වුණත් ඔහු රෝහලේ වැඩ ඉක්මනට ඉවර කරලා ගෙදර එනවා. රෝහලේදී පොඩි විවේකයක් ලැබුණොත් එයා ගෙදර ඇවිත් අපි දෙන්නා එක්ක ඉඳලා ආයේ හොස්පිට්ල් එකට යනවා. අපේ ගෙදර ඉඳන් හොස්පිට්ල් එකට යන්න එන්න තියෙන්නේ ඇවිදින දුරක්. ඒ නිසා නිවාඩුවක් ලැබුණගමන් කෑම වේලට හරි ගෙදර ඇවිත් තමයි එයා යන්නේ. මගේ ජීවිතේ යම්කිසි සාර්ථකත්වයක් තියෙනවානම් ඒ සාර්ථකත්වය පිටිපස්සේ ඔහුගෙයි මගෙයි අනොන්‍ය අවබෝධය කියන දේ ගොඩක් ඉදිරියෙන්ම තියෙනවා.

කොහොමද දැන් චූටි දූ?
දූගේ නම ශෙනාර්යා. ඉස්සර චූටි කාලේනම් එයා දඟයි. කියන දේ අහන්නේ නැතිව දඟවැඩ කළා. දැන් එහෙම නෑ. දැන් එයාට තේරෙනවා. හැබැයි චූටි දූ හරි හුරතල්. එයා හරි ආසාවෙන් ඉන්නේ ඉස්කෝලේ යන්න. අක්කා කෙනෙක් වෙන්න එයා ආසයි. චූටි චූටි ළමයි දැක්කම එයා හරිම ආසාවෙන් එයාලව බලාගන්නවා.

එයා වැඩිපුරම ආස මොනවටද?
එයා හරි ආසයි මියුසික්වලට. එයා ගෙදරදී නටනවා. සින්දු කියනවා. අම්මිගේ කටහඬට වඩා මගේ කටහඬ ලස්සනයි නේද කිය කියා එයා අහනවා. එයා මාව ගෙදරදී මේක්අප් කරනවා. එක එක කොණ්ඩ මෝස්තර දානවා. අර චූටි අත්වලින් කොණ්ඩේ අතගාද්දී හරී සනීපයි. ඉතින් චූටි දුවගේ ලෝකේ හරි සුන්දරයි. මාත් එයත් එකක් ඉඳිද්දී හරිම පොඩි දරුවෙක් වගේ වෙනවා. චූටි දුවගේ හොඳම යාළුවා තමයි මම. චූටි දුව හැමදේම ගවේෂණය කරනවා. එයා අපි කියන පලියට කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ. ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා එයා හොයලා බලනවා. එයාට බොරුවක් කියලා අපිට බේරෙන්න බෑ.

චූටි දුවත් කැමැති එකේ දැන් දුවව අක්කා කෙනෙක් කරන්නත් කාලේ හරි නේද?
එයාටනම් අක්කා කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඉතින් මේ බාර ගත්ත නිර්මාණ ටික අතරමං කරන්න හොඳ නැහැනේ. ඒ නිසා ඒවාට සාධාරණයක් කරලා ඒ ගැනත් හිතන්න ඕනේ. මම හිතනවා තව ටික කාලයක් දුවට එයාගේ අම්මගෙයි තාත්තගෙයි හුරතලේ තනියම අවශ්‍යයි කියලා. එයාගෙන් අහපුවහම අපි මල්ලියෙක් හරි නංගියෙක් හරි ගේමුද කියලා එයා මුලින්නම් එපා කිව්වා. දැන් එයා කියන්නේ ඕන කෙනෙක් ගේන්න බැහැයි අම්මිගේ ආදරේ දෙන්න නම් බෑ කියලා. ඉතින් චූටි දූගේ හුරතලේ වෙනුවෙන් අපි තව ටික කාලයක් ඉන්නවා.

සින්දු කියන දොස්තර මහත්තයාගේ ආදර කතාව ලීක් වෙයි!



ලෝකයේ තියෙන සොඳුරුම පෙම් කවිය සොරාගත්තෙක්‌ වගේ ඔයාගේ ආදරය මම මගේ හදවතේ කාටවත්ම නොපෙනෙන තැනක සගවාගත්ත කාලය මට අදටත් හීනයක්‌. ඒ හැම මොහොතකම හිත්වල ආදරේ පුරෝගෙන අපි ජීවිතේ හෙව්වා.
රෑ තිස්‌සේ නිදිවරාගෙන පාඩම් කරද්දි ඇස්‌ ඉස්‌සරහ එකපාරටම ඔයාගේ ඇස්‌ දෙක පෙනී හිටිනවා රත්තරං. ඒක හීනයක්‌ නෙවෙයි.
වෙහෙසකර මොහොතක මගේ හිත නිවන්න දෙවියන් මා ඉදිරියට එවපු සුබ දසුනක්‌. ඔන්න ඒ විදිහටයි මේ හැමදෙයක්‌ම දිනාගෙන ඔයාව දිනාගන්න ආපු වීර කුමාරය මම වුණේ. හරියට අපි පුංචි කාලේ කියවපු සුරංගනා කතාවක වගේ.
සුපිරි තරුවක්‌ ලෙස ඔටුනු පලන් යෞවනයේ අතිශය මිහිරි පෙම්වත් හඩක හිමිකරුවා වන ප්‍රදීප් රංගන තම ජීවන ගීය ගයන්නට තෝරාගත් ඇය සමඟ අපේ ආදර හැන්දෑවට ඇවිදගෙන ආවේ හතර වටින් වැහි අදුර පාත්වුණ හැන්දෑවක. ඒත් ඒ ආදර කතාව ආදර හැන්දෑව දිගේ හෙමිහිට ගලාගෙන යද්දි මොරගෙඩි තරමට ලොකුවට බිම වැටුණ වැහිබිඳු මල් රටා මවනවා මම දැක්‌කා.

ඔබට පළමු වරට ඈ හමුවන්නේ මොනවගේ මොහොතකද ?
චතුරිකාව මම පළමු වරට දකින්නේ සාදයකදී. ඇත්තම කියනවා නම් ඇයව දැකගැනීමේ අපේක්‌ෂාවෙන්ම තමයි මම ඒ සාදයට සහභාගි වුණෙත්.

ස්‌ථිරවම ඇය ඒ ප්‍රියසාදයේ හිඳී කියලා ඔබ දැන සිටියාද ?
ම් මෙහෙමයි. ඇගේ පවුලේ අය අපේ පවුලේ අයව දන්නවා. ඒ හිතවත් පවුලේ ඉතාමත් රූමත් යුවතියක්‌ ඉන්නවා කියල අපේ පවුල්වල අය කතාවෙනවා මට ඇහිලා තිබුණා. එදා ඒ සාදයට ඇගේ පවුලේ අයත් පැමිණෙන බව මම දැනගෙන හිටි නිසයි ඇයව දැකගැනීමේ ආසාවත් හිතේ තියාගෙන සාදයට සහභාගි වුණේ.

පළමු දැකීම ආදරයකට මුල පිරීමක්‌ වුණාද ?
ම්. මගේ හිතනම් එකවරම ඈ කෙරෙහි ආකර්ෂණය වුණා. ඒත් එයාට ඒ ගැන හැගීමක්‌ තියෙන්න නැතිව ඇති. එතකොට චතුරිකා ඉස්‌කොලේ යනවා. මමත් පළමු වරට උසස්‌ පෙළ විභාගයට පෙනී හිටියා විතරයි.

සාදයෙන් පස්‌සෙ ඇය දැකගැනීමේ අරමුණ දිවා රැයේ රංගනගේ හිතට කරදර කරන්න ඇති නේද ?
ඇත්තටම. එයාව දකින්න මගේ ආදරය එයාට කියන්න මගේ හිත පෙරුම් පුරන්න පටන් ගත්තා.

ඉතින් කොහොමද ඒකට මඟක්‌ හොයාගත්තේ ?
ඒ කාලෙ ජීවිතයේ ඉතාමත් සොදුරු තාරුණ්‍යයත් එක්‌කනේ ගතකළේ. හිතත් ටිකක්‌ කලබලයි නොඉවසිලිමත්. කෙහොම හරි මම ඉස්‌සරවෙලාම කළේ ඇගේ සොහොයුරන් මගේ මිතුරන් කරගැනීම. ඒකට රුකුලක්‌ වුණේ එයාගේ සහෝදරයෝ සංගීතයට කැමති අය වීමයි. එක අයියා කෙනෙක්‌ හිටියා තබ්ලාව වාදනය කරන. මමත් ඒ කාලේ ගයනවා විතරක්‌ නෙවෙයි සිංදු හදනවා. ඒ වගේ වැඩවලට යනවා වගේයි මම ඒ ගෙදරට ගියේ. ඒත් හිතේ තිබුණේ චතුරිකාව දැකගැනීමේ උවමනාව.

අපූරු ප්‍රේම සැලැස්‌මක්‌ නේ ?
අදටත් ඒක මතක්‌ කරකර විඳින්න පුළුවන් සුන්දර මතකයක්‌. මුලින්ම මම චතුරිකාගේ අයියත් එක්‌ක සංගීත පුහුණුවීම් වගේ විවිධ වැඩ යොදාගෙන එයාලගේ ගෙදර යන්න මඟක්‌ පාදා ගත්තා. ඔය යන අතර එයාට මගේ ආදරය ගැන හගවන්න ලස්‌සන සංගීත කාණ්‌ඩ පටිගත කරලා එයාලගේ ගෙදරට ගිහින් දුන්නා.
ප්‍රේමයත් ප්‍රකාශ වෙනවද ඔය යන එන ගමන් අතරේ ඉන්පසු ඔබලා ඉබේම පෙම්වතුන් බවට පත් වෙනවද ?
අපොයි නැහැ. මම ආදරෙයි කියල අවුරුදු තුනක්‌ විතර ගිහින් තමයි චතුරිකා මට කැමැත්ත දුන්නේ. මම එයාලගේ ගෙදර යන එන ගමන්වලදි පෙම් හසුනක්‌ ලියාගෙන ගිහින් කොහොම හරි ඒක දුන්නා. ඒත් මට ප්‍රතිචාරයක්‌ නම් ලැබුණේ නැහැ.

පෙම්හිත පසුබෑවද ?
ඒ කාලේ ඉතින් පැරදෙන්නත් සූදානම් නැති කාලෙනේ. මම දිගටම මගේ අරමුණත් එක්‌ක හිටියා. එයා පාසල් අධ්‍යාපනය අවසන් කරන තුරු. ඔය අතරේ මම දෙවැනි වර උසස්‌ පෙළ විභාගයටත් පෙනී හිදල සරසවි යන්න බලාපොරොත්තුවෙන් හිටියේ.

කරදර බාධක නැති පෙම්ලොවක්‌ද ඔබ දෙපළ වෙනුවෙන් මැවී තිබුණේ ?
එයාලගෙ ගෙදරින් බාධක ආවා. අපේ ගෙදරිනුත් හරියට මේ ගැන දැනගෙන හිටියේ නැහැ. පස්‌සෙ මම වෛද්‍ය පීඨයටත් තේරිලා ජීවිතයේ යම්කිසි ස්‌ථාවරයක්‌ ගොඩනගාගෙන හිටියනේ. ඊට පස්‌සෙ අපිට කැමැත්ත ලැබුණා.

ඇත්තටම ප්‍රදීප් ඔබ පෙම් කරන්නෙ ඒ ලස්‌සන රූපයටද ?
පළමු ආකර්ෂණය ඇතිවුණේ ඇයගේ රූමත් බවට තමයි. මම හිතනවා, ඕනෑම කෙනෙක්‌ පළමුවෙන්ම ආදරය කරද්දි ආකර්ෂණයක්‌ ඇතිවෙන්නෙ බාහිර පෙනුමට. ඒක රූමත් බව වෙන්නත් පුළුවන් එහෙම නැතිනම් තමන්ගේ හිත සොයමින් හිටි රූපයක්‌ නෙත ගැටුණම ඇතිවන හැගීමකින් ඒ කැමැත්ත ඇතිවෙන්නත් පුළුවන්.

ඒ ලස්‌සන රුව ඇතුළේ ඔබට ගැලපෙන හදවත ඇත්තිය සිටියාද ?
ඔව්. ඒක වාසනාවක්‌. එයා මාව හොඳින්
තේරුම් ගත් මගේ ජීවිතයේ මා ළඟින් රැෙදන්න සුදුසුම කෙනා කියල මට හිතෙනවා.

මේ ආදර කතාව ඇරඹෙන සමයේමද ඔබ සුපිරි තරු මාවතට එළැඹෙන්නෙත් ?
ඔව්. මම ඒ තැනට එද්දි අපි පෙම්වතුන්. එදා මගේ ළගින්ම හිටිය කෙනා විදිහට මගේ කාර්ය බහුලත්වය එයා තේරුම් අරගත්තා. මම හදවතින් එක තැනක හිටියත් රසික රසිකාවියන්ගේ ප්‍රතිචාර එක්‌ක මට එක තැනකට කොටුවෙලා ඉන්න බැරි කෙනෙක්‌ කියලා එයා තේරුම් ගත්තා.
එක කාලයක්‌ තිබුණා මගේ ජංගම දුරකථනය එක මොහොතකටවත් නිහඩ නොවී දුරකථන ඇමතුම් ගලා එන. මම මොහොතක්‌ හරි ඒ අයට කතාකරල සුහදතාවය පළකරන්න ඕනෑ කියල එයා දැනගෙන හිටියා. එවන් වාතාවරණයක්‌ ඇතුළේ අපිට හමුවෙන්න කතාබහ කරන්නත් ලැබුණ අවස්‌ථා සීමිත වුණා. ඒත් ඇය ඉවසීමෙන් මේ දේවල් දෙස බලාගෙන හිටිය.

විවාහයට තීරණ ගන්නේ ?
අපි හමුවෙලා අවුරුදු තුනකට විතර පස්‌සේ ආදරය පටන් ගන්නේ. ඊටත් පස්‌සේ ඇගේ උසස්‌ අධ්‍යාපන කටයුතුවලිනුත් පස්‌සෙයි අපි විවාහ වෙන්නේ. එතකොට අපේ පෙම් කතාවට අවුරුදු දහයක්‌ විතර ගෙවිලා තිබුණා.

එදා පෙම්වතිය ලෙස දුටු ඇය අද බිරිද ලෙස ඔබ දකින්නේ කෙහොමද ?
එයා මගේ පෙම්වතිය බිරිද පමණක්‌ නෙවෙයි මගේ දිවි ගමනේ මට හමුවුණ සොදුරු මිතුරියද වනවා. ඇය මගේ නිර්මාණ රසවිදිනවා. අලුත් නිර්මාණ වෙනුවෙන් මට ඇගේ අදහස්‌ ලබාදෙනවා. ඇය මා වෙනුවෙන් කළ විශේෂ කැපවීම තමයි ගුරුවරියක්‌ විදිහට කළ රැකියාව අතහැර දැමීම.
මම වෛද්‍ය වෘත්තියේ සහ සංගීත ක්‍ෂේත්‍රය තුළ කාර්ය බහුල නිසා පවුලක්‌ විදිහට එකට පවතිද්දි අපේ කටයුතු වෙනුවෙන් ඇය ඇගේ කාලය යොදවමින් මගේ වැඩවලට ඇය කාලය සොයා දෙනවා.

ජීවිතයේ විශේෂ දවසක ඔබලා සාද පවත්වනවාද?
විවාහ සංවත්සරයට හැමදාම කිරි ආහාර පූජාවක්‌ කරනවා. විශේෂ දවසකදී උත්සව පවත්වනවාට වඩා ආගමික පැත්තෙන් දෙයක්‌ කරන්න අපි දෙන්නම කැමැතියි. මොකද ජීවිතයේ යථාර්ථය තේරුම් අරන් වැඩ කරන්න ඇය වගේම මමත් කැමැතියි.